”මට අපහාස කරන අයට විරුද්ධව මම කෝවිලේ පොල් ගහනවා”- රවි ජිවානන්ද මන්ත්‍රි කියයි

0
48

RAVI JEEWAතමන් රට ගියේ ටෙන්ඩර්කරුවන්ගේ මුදලින් නොවන බවත් ඉන්දියාවට ගියේ ඥාති දියණියකගේ විවාහ මංගල්‍යයට සාරි ගැනිමට බවත් එජාප නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද මහතා කියා සිටියි.
එමෙන්ම ඔහු කියා සිටියේ මේ හෙනගහන බොරු ප්‍රචාර ගෙනයන්නේ තමන්ගේ පක්ෂයේ ඇතැම් අයවලුන් බවත් ඒ හැත්ත බුරුත්තට හෙන හතම ගහන්න කියල තමන් මස් මාංශ නොකා සතියක් තිස්සේ කැපව සිටින බවත් සතියක් අවසන් තමන්ට මඩ ගහන අය ශාප ඉල්ලා කෝවිලේ පොල් ගහන බවත් කියා සිටි.
මේ අතර නාගරික මන්ත්‍රිවරුන් 5 දෙනෙකු ටෙන්ඩර්කරුවෙකුගේ ද අනුග්‍රහය මත විදේශ ගතවන බව දැනට දින කිහිපයක සිට නගර සභා ගොසිප් අතරේ නිතර රැව් පිළිරැව් දුණි.
බැංකොක් බලා යන ආණ්ඩු පක්ෂ මන්ත්‍රින්ගේ ගමන පමා වි ඇත්තේ ඔවුන් යහමින් පොකට් මනි ලබා දි ඇති නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් වු දයාන් ලංසා නගාරික මන්ත්‍රිවරයාගේ උත්සවය නිසා බවත් සැලය.