ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන වලට නුදුරින් බිම විසිකර දමා තිබුණි. පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ ඒවා ඉවත්කර ගෙන තිබුණ බව වාර්තා විය. නිරෝෂන් පෙරේරා විසින් වෙන්නප්පුවේ එජාප දේශපාලනයේ නිරත වූ කිසිදු නියෝජිතයෙකුට සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාදීම වැලකූ අතර ඔහුව පමණක් අපේක්ෂක ලෙස බාරගන්නා ලෙසට ජනතාවට බලකරමින් සිටී. මේ සම්බන්ධයෙන් මතුවූ විරෝධය හමුවේ ඔහු සිය පාක්ෂිකයෙකුට පවසා තිබුණේ මට වෙන්නප්පුවේ ඡන්ද වැඩක් නෑ මට තාත්තගේ ඡන්ද ලැබුණෘම ඇති යනුවෙනි. එසේ නමුත් අද ඡන්දය පැවැත්වෙන දිනත් මෙන්ම දැනට සතියකට පමණ සිට මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඔහුගේ මැතිවරණ ප්රචාරක කටවුට් වෙන්නප්පු හා අවට ප්‍රදර්ශනය කර තිබුණි.