මඩකලපුවටත් දැන් ජාත්‍යන්තර ගුවන් තොටුපලක්!

0
60

FB_IMG_1570451651394මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔක්තෝබර් 04 වන සිකුරාදා මඩකලපුව ගුවන් තොටුපොලට පැමිණෙයි.

මඩකලපුව ගුවන් තොටුපළ 2018 දී සිවිල් ගුවන් සේවා සඳහා විවෘත කෙරුණු අතර, එම ගුවන් තොටුපොළ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පරිවර්තනය කිරීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණි.

මඩකලපුව ගුවන් තොටුපොළ මඩකලපුව නගරයට කි මී 2.4 ක දුරින් පිහිටා ඇත. එහි ධාවන පථය මීටර 1,066 ක දිගින් සහ මීටර 46 ක පළලින් යුතුය. ගුවන් තොටුපොළේ ධාවන පථයේ ආලෝකකරණ පද්ධතිය සහ නව මගී පර්යන්තය රුපියල් මිලියන 1,400 ක වියදමක් දරා නවීකරණය කරන ලදී. දැනටමත් මෙම ගුවන් තොටුපොළට දේශීය සිවිල් ගුවන් යානා මෙහෙයවීම සඳහා විවෘත ව ඇති අතර නුදුරු අනාගතයේදී එය ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාද විවෘත වනු ඇත.

පලාලි ගුවන් තොටුපොළ සංවර්ධනය කර යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම් කර විවෘත කිරීම ඔක්තෝබර් මැද සිදු කිරීමට නියමිත අතර, ඒ අයුරින්ම කොළඹ රත්මලාන ගුවන් තොටුපොළද ජාත්‍යන්තර මට්ටමට පත් කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොළඹ (කටුනායක), හම්බන්තොට (මත්තල) යාපනය (පලාලි), මඩකලපුව සහ කොළඹ (රත්මලාන) ලෙස ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පහක් ක්‍රියාත්මක වීමට නියමිතය.මේ අවස්ථාව සදහා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟින් ශ්‍රිලංකා ගුවන් තොටුපල අධිකාරියේ වැඩබල සභාපති ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාද එක්ව සිටියේය.