මඩකලපුවේ මානව හිමිකම් ක්‍රියාකාරිණියකට පහරදෙයි

0
53

Amalanayaki_Amalaraj_Batticaloa_120889_200අතුරුදහන්වූන්ගේ යුක්තිය වෙනුවෙන් ක්‍රියාකරන මඩකලපුව දිස්ත්‍රික්කයේ  අමලනායකී අමලරාජ්  මහත්මියට පසුගිය ඉරිදා සවස 4.30 ට පමණ සැකකටයුතු යතුරුපැදිකරුවකු විසින්  පහර දී තිබේ. එම අවස්තාවේදී අමල්රාජ් මහත්මිය  තම දියණියගේ  යතුරුපැදියේ පිටිපස අසුනේ වාඩි වී ගමන්කරමින් සිට ඇති අතර වේගයෙන් ඔවුන් හඹා ආ යතුරු පැදියක පැමිණි පුද්ගලයන්  තිදෙනෙකු විසින් අමලරාජ් මහත්මියට සහ දියණියට පහරදී පළාගොස් ඇත.
මෙම සිදුවීම  දුටු ගම්වැසියන් පිරිසක් වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පසුපස හඹා ගොස් රියදුරා අල්ලා  ගෙන ඇති අතර  යතුරුපැදියේ අසුන්ගෙන සිටි අනෙක් දෙදෙනා පලාගොස් තිඛේ.පහරදීමෙන් අමලාරාජ් මහත්මියගේ කකුලකට තුවාල වී ඇති අතර ඇගේ දියණියගේ අතකට තුවාල වී ඇත. මෙම දෙදෙනා මේ වනවිට මඩකලපුව රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් වී සිටිති.
පසුගිය මාසයේදී අමල්රාජ් මහත්මිය විසින්  ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමට ඇති අයිතිය සම්බන්ධව ලංකාවෙ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු හමුවීමට යන අවස්ථාවේදි  පොලිසිය විසින් ඇයට බාධා කර ඇති බව මාධ්‍ය වාර්තා කර සිටියි.