ඒ එසැණින් එකි පුවත් ලොවට ගෙන යාහැකි විම නිසාය.
තතු එසේව තිබියදි ශ්‍රිලංකාව තුල වෙබ් මාධ්‍ය කලාව තවමත් පුවත් මුලාශ්‍රයක් ලෙසින් සිය අනන්‍යතාව නිසි ලෙසින් ලකුණු කර නැත.
එයට හේතුව වන්නේ මේ බොහොමයක් පුවත් අඩවි සයිබර් අවකාශය තුල ක්‍රියාත්මක වන්නේ ගොසිප් බෙදාහරින්නන් පිරිසක් ලෙසිනි.
ලංකාව තුල තත්වය වඩාත් ඛේදනීය වි ඇත්තේ මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රධාන ධාරාව තුල ක්‍රියාත්මක මාධ්‍ය ආයතනයන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල තත්වය පවා ඉතාමත් බරපතල අාකාරයෙන් මාධ්‍ය අචාරධර්ම බිද දමමින් කිසිදු අනන්යාතාවක් නැති ගොසිප් අඩවි ගාණටම වැටෙමින් ඇති නිසාය.
මේ තත්වය හමුවේ හිරු ප්රවෘත්ති ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවිය මෙන්ම නෙත් එෆ්.එම් නාලිකාව විසින් පවත්වාගෙන යනු ලබන වෙබ්අඩවියද සිය ශ්‍රිලංකාව තුල ක්‍රියාත්මක බහුතරයක් ගොසිප් අඩවිය ගානටම තමන්ගේ මාධ්‍ය මෙහෙවර මඩටම කැදවාගෙන යන ආකාරය පෙනෙන්නට පටන් ගෙන ඇත්තේ දැන් කාලයක සිටය.
අප විසින් කියන්නට යන මේ කරුණ අරභයා ගතහැකි එක් සරල උදාහරණයක් වන්නේ පසුගිය දිනක පිටකොටුවේ බස්නැවතුම තුල බැගයක් තුල වු මිය ගිය කාන්තාව පිළිබදව නෙත් එෆ්.එම් වෙබ් අඩවිය විසින් ඉදිරිපත් පත් කර ඇති සිරස්තලයයි.
එවන් කෲර ඝාතනයක් පිළිබද විමර්ශනාත්මක මාධ්‍ය මෙහෙවරයක යෙදෙනු වෙනුවට සිය පාඨකයා හට ලාභ කුණු රසය දිම සදහා ඔවුන් විසින් සිය මාධ්‍ය සිරස්තල භාවිතා කර තිබේ.
මේ ඝාතනය සම්බන්ධයෙන් නෙත් අඩවියේ ඇති නවතම සිරස් තලය වන්නේ
මෙන්න ඡායාරූප
යනුවෙනි.
මින් කියැවෙන්නේ කුමක්ද ?
එහෙත් ඒ පුවතට ගොස් බැලු විට එහි ඇත්තේ අදාල ලැගුම් හල තුල මේ ඝාතකයා විසින් මේ බෑගය රැගෙන යන අයුරු ඇතුලත් CCTV කැමරා දර්ශනයන්ය.
එබැවින් ප්‍රධාන මාධ්‍ය ප්රවාහයේ සිටින නම ගිය මාධ්‍ය ආයතනයන් පවා වෙබ් මාධ්‍ය කලාව මේ ආකාරයෙන් මඩටම ගෙනයන්නේ නම් එය ගොඩගැනිම සදහා මේ රටතුල පුලුල් සංවාදයක් ගොඩනැගිය යුතුව තිබේ.
ඒ වෙබ් මාධ්‍ය කලාවේ අනන්‍යතාව විනාශ කර දැමිමට මේ ගොසිප් පප්පන්ට ඉඩලබා නොදිම පිණසය.