”මඩ ගහන පිරිමින්ට මම කොහොමටත් බය නෑ”- සමනලි පොන්සේකා කියයි

0
555

6”මම මඩවලට බය නෑ.විශේෂයෙන්ම මඩ ගහන පිරිමින්ට මම කොහොමටත් බය නෑ”- යැයි සමනලි පොන්සේකා  පවසා සිටියේ ප්‍රගතිශිලි කලාකරුුවන් රැසක් සහභාගිව සිටි අද පැවැති පුවත් පත් සාකච්ජාවකදිය.
පුරවැසිය බලයේ කලාකරුවන්ගේ රැස්විමකින් පසුව විමල් වීරවංශ ඇමැතිවරයාට අයත් වෙබ් අඩවියක් වු සි නිව්ස් වෙබ් අඩවිය විසින් ලංකාවේ ප්‍රගතිශිලි කලාකරුවන් පිරිසකට බරපතල ලෙස අවමන් කරමින් පලකර තිබු සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතකට විරෝධය පළකිරිම සදහා මෙම පුවත්පත් සාකච්ජාව කැදවා තිබුණි.
කිරුළුපන පිහිටි රයිට්ස් නව් කාර්යාලයේදි පැවැති මෙම පුවත්පත් සාකච්ජාවට ධර්මසිරි බණ්ඩාරනායක ප්‍රසන්න විතානගේ ගාමිණි වියන්ගොඩ අනෝමා රාජකරුණා දමයන්ති පොන්සේකා බෙනට් රත්නායක පරාක්‍රම නිරිඇල්ල ලුෂන් බුලත්සිංහල සමනලි පොන්සේකා  දිපානි සිල්වා අයවලුන් ඇතුළු තවත් කලාකරුවන් රැසක් සහභාගිව සිටියහ.325