මතට එරෙහි සටනට පිටිපන සිසු දරුවන්ද එක්වෙති.

0
275

මතට එරෙහි සටන

මත්ද්‍රව්‍ය  සහ  මත්පැන්  යනු   ලාංකීය  සමාජය  පෙළන  ප්‍රධාන  ප්‍රශ්ණ  අතුරින්  එකකි.   මෙම  ව්‍යසනය සම්බන්ධව ජනාධිපති  තුමා  සහ  රජය  විසින්  විවිධ  අංශ  හරහා විවිධ  වැඩසටහන් රටතුළ  ක්‍රියාත්මක  කරයි. විශේෂයෙන්  පාසැල්   මට්ටමින්  මෙම  වැඩසටහන්  දියත්  කිරීම  වැදගත්  වන්නේ   මෙම සමාජවිරෝධී  ක්‍රියාවන්ට මෙම  වයස්  සීමාවන්  සමපාත  වන  හෙයිනි.  මේ  අනුව  අද  (7දා)  පිටිපන  මහ  විද්‍යාලයේදී 9 වසරෙන්  ඉහල  සිසු දරුවන්  දැනුවත්  කිරීමේ  අරමුණ  ඇතිව  මෙවැනි  වැඩසටහනක්  සංවිධානය  කර  තිබින.  මෙය  සංවිධානය  කර  තිබුනේ  පිටිපන  කලා පෙරමුණ  සහ  දුන්ගාල්  පිටිය  පොලීසිය  මැදිහත්වීමෙනි. අන්තර්  ආගමික  එකමුතුව  සහ  ADIC  ආයතනයේ  වසන්ත  කුමාර  සහ  සුදර්ශන  පොන්සේකා   යන  මහත්වරුන්  සම්පත්දායකයින්  ලෙස  සහභාගී විය.  මීට  අමතරව  දුන්ගාල්පිටිය  ප්‍රජාපොලිස්  ඒකකයේ  ස්ථානාධිපති  ආර්.  එම්.  ජයතිලක,  පිටිපන  කලා පෙරමුණේ  නෙල්සන්  දරිජු,  මීගමුව,  ප්‍රාදේශීය  ලේකම් කාර්්‍යාලයේ  ආර්ථික  අමාත්‍යංශයේ   නිලධාරිනියක්වූ  වජිරා  පොන්සේකා  යන  මහත්ම  මහත්මීන්ද  මේ  සඳහා  සහභාගී විය.

මෙදින  සහභාගීවූ   සිසුදරුවන්   කණ්ඩායම්  කිහිපයකට  බෙදා  කණ්ඩායම්  අභ්‍යාසයකින්   මෙම  දැනුවත්  කිරීම  ආරම්භ  කෙ‍රින.  පළමුව  ඒ  ඒ    කණ්ඩායමට   හිස්  කඩදාසි  කොලයක් බෙදා  දෙමින්  එහි  බීමත්  කෙනෙකුගේ  මුහුණක්  සහ  එසේ  නොවන  අයෙකුගේ  මුහුණක්   ඇඳීම   සඳහා  කාලය  ලබාදෙන  ලදී.  ඒ  මගින්  දෙනලද  පිළිතුරු  සමඟින්  මෙම  සාකච්ඡාව  ඉදිරියට  ගෙන යමින් ,  වැඩසටහන සාර්ථක  ලෙස  මෙහෙයවීමට  සම්පත් දායකයින්ට  හැකිවිය.

සමාජය  තුළ  පවතින  මෙම  ව්‍යසනය   ගැන  පාසැල්  මට්ටමින්  ක්‍රියාත්මක  වන   මෙම  වැඩසටහන්  අගයකළ යුතුය. එසේම   මේ  සඳහා  පොලීසියේ  සහ  පාසැල්  තුළ  පවතින  උනන්දුව  ගැනද  සතුටුවිය  යුතුය.  මේ  අනුව    විවිධ  සංවිධාන  හරහා  ඉදිරියේදී පිටිපන  ප්‍රදේශය තුළ  තවත්   මෙවැනි  වැඩසටහන්   සූදානම්  කරන  බව  නෙල්සන්  මහතා  අප සමඟ  පැවසීය.DSC_0913 DSC_0919