මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එ⁣රෙහිව මාධ්‍ය සංදර්ශන පවත්වන කාවින්දලා මිගමුවේදි ඒ අයව රකිනවද?

0
59

Screenshot_20190718_203337අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රී මිගමුව නව ආසන සංවිධායක කාවින්ද ජයවර්ධන විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එ⁣රෙහිව අදහස් දක්වන ලදි.

රට හමුවේ මාධ්‍ය සංදර්ශන පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පතුරු ගසද්දි මිගමුවේදි ඒ ජාවාරම්කරුවන්ගේ පාලනය රැකිම සදහා මේ වන විට කටයුතු කරමින් සිටින අයුරු සැබැවින්ම ලැජ්ජා සහගතය.යහපාලන රජයේ ප්‍රබල ඇමතිවරුන් පිරිසක් විසින් පසුගිය දිනවලදි මධූෂ් විසින් හෙළිදරව් කර තිබුන තොරතුරු පදනම් කරගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජවාරම්වල යෙදෙන දේශපාලකයන් ගැන ප්‍රසිද්ධියේ මාධ්‍ය හමුවේ කරුණු දක්වා තිබුණි.

යහපාලන රජය කැබිනට් ඇමතිවරුන් ජවාරම්වල යෙදෙන දේශපාලකයන් ගැන තිත්ත ඇත්ත රටටම කියද්දි කාවින්දලාගේ දෙබිඩි චරිතය මොනවට පැහැදිලි වේ.

මිගමුවේ එජාප පාලනය කප්පම් ගේම් තුලින් හිමිකරගත් ලංසා පවුල් පාලනය මේ වන විට මහනගර සභාවේ පාලනය දිගටම පවත්වාගෙන යෑම සදහා දැවැන්ත අර්බුදයකට මුහුණ දි සිටියදි කාවින්දගේ ආසන සංවිධායකධුරයේ සෙවන යටතේ සිටින නාගරික මන්ත්‍රීවරුන් අද  ලංසා පාලනය රැකදිමට රෙදි නැතුව කඩේ යන්නට සුදානමින් සිටිති.පසුගිය දිනක මේ මන්ත්‍රීවරුන් නගරාධිපති දයාන් ලංසා සමගින් විශේෂ රැස්විමක්ද පවත්වා තිබුණි.ඉතින් රට ඉදිරියේ බණ කියන කාවින්දලා මිගමුවේ ජවාරම්කාරයන්ගේ පවුල් දේශපාලනය රකින්නේ  ඇයි ?මේ දෙබිඩි දෙශපාලනය මිගමුවේ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයා නිවරදිව හදුනාගත යුතුව ඇත.