මදුරන්කුලියේදි වැලිජාවාරම්කරුවන්ගෙන් මාධ්‍යවේදියෙකුට ප්‍රහාරයක් ?

0
144

prasadමාධ්‍ය ආයතන ගණනාවකට පුවත් සපයන   මාධ්‍යවේදි ප්‍රසාද් පූර්ණිමාල් මහතාට ඊයේ (19)  මුන්දලම මදුරන්කුලිය ප්‍රදේශයේදී මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පූර්ණිමාල් මහතා මෙලෙස මැර ප්‍රහාරයකට ලක්ව ඇත්තේ මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයේ සිදුකරන වැලි කැපීමකට  විරෝධය පළකරමින් මුක්කු තොඩුවාව ගම්වැසියන් පිරිසක් සිදුකල විරෝධතාවයක් අතර තුරදී බව වාර්තා වෙයි.

මේ විරෝධතාවය අතර තුර ටිපර් රථයක් වැලි පටවා ගෙන යාමට පැමිණ ඇති අතර එහිදී මාධ්‍යවේදීයා මේ ටිපර් රථය ඡායාරූප ගත කිරීමේදී ටිපර් රථයේ සිටි පුද්ගලයෙකු මේ ප්‍රහාරය සිදු කර ඇත.

මේ ප්‍රහාරයෙදි මාධ්‍යවේදී ප්‍රසාද් පූර්ණිමාල්  සුළු තුවාල ලබා ඇති  අතර කැමරාවටද හානි සිදුව තිබේ.

මෙහිදී ගම්වැසියන් පැමිණ මාධ්‍යවේදීයා බේරා ගෙන ඇති අතර එහිදී ගම්වැසියන් හා මැර පිරිස අතර ගුටි බැට හුවමාරුවක්ද සිදුවු බවද වර්ථා විය.
මේ ග්‍රාමයේ පිහිටා ඇති ස්භාවික වැලි කඳු රැසක් මේ වන විට කපා දමා ඇති අතර ඒ හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුව තිබේ.

මේ සිදුවීම පිළිබද ගම්වැසියන් මුන්දලම පොලිසියට පැමිණිල්ලක් ද කර තිබේ .
නව රජයේ පරිසර ඇමතිවරයා විසින් වැලි ප්‍රවාහනට තිබුන බාධා ඉවත් කිරිමෙන් පසු ලංකාවේ ප්‍රදේශ රැසක වැලිජාවාරම්කරුවෝ ඉවක් බවක් නොමැතිව වැලි කැපිමේ නිරත වුහ.
මේ හේතුවෙන් පිඩාවට පත් ජනයා ප්‍රදේශ ගණනාවකදිම මේ පරිසර විනාශයට විරෝධය පළකර තිබුණ අතර ඇතැම් ස්ථානයන්හිද මේ ජාවාරම්කරුවන් හට පහරදිම්ද සිදුකර තිබුණි.