මදුරුවන් වැනසීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමය – Mosquito Trap දැන් මීගමුවේ.

0
490

මේ දිනවල සීඝ්‍රෙයන් පැතිර යන ඩෙංගු රෝගය මුළු රට පුරාම වසංගත තත්වයක් දක්වා වර්ධනය වී හමාරය.ඒ තත්වය විශේෂයෙන්ම මීගමුව පුරවරයම ආක්‍රමණය කර ඇති බවත් අපි ඉාතමත් හොදින් දන්නා කරුණක්. කෙසේ නමුත් දැන් අපට කරන්නට ඇත්තේ ඩෙංගු මචුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරීම හාඩෙංගු මදුරුවන් ගැවසෙන පෙදෙස් වලින් දුරස් වී ආරක්ෂා වීමයි. මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීඹ අප කාගේත් වගකීමක් වන බව මතක් කරමින්ම මේ අප කථාකිරීමට යන්නේ ඔබ නිවසට ඇතුල් වන මදුරුවන් නිවස තුලදීම කොටු කර නිවස මදුරුවන්ගෙන් තොර ප්‍රදේශයක් බවට පත් කිරීමට හැකියාව ඇති උපකරණයක් පිිලිබදවයි.

mos trap 2

එය නමින් Mosquito Trap ලෙස කෙටියෙනුත්  Light Inducement Mosquito Killer ලෙස දීර්ඝ නාමයකිනුත් හදුන්වනවා. මෙම උපකරණයේ ක්‍රියාකාරීත්ව සිදුවන්නේ මෙසේයි.
විශේෂයෙන් මදුරුවන් මද ආලෝකයේ පියඹා යාමටත්,දහදිය ගදට හා හුස්ම පිට කිරීමේදී පිටවන කාබන්ඩයොක්සයිඩ් වලට ඇදී ඒමේ ඇති ප්‍රවණතාවයත්,මද ආලෝකයේ පියඹා යාමටත්,ජීවත් වීම සදහා මද රස්නය සහ තෙතනය සහිත වාතයද අවශ්‍ය නිසා මෙම උපකරණයද එම ක්‍රමයම උපයෝගී කර ගැනීමෙන් මදුරුවන් කොටුකර ගනී. මෙම උපකරනයෙහි ඇතුළු පැත්තේ තවරා ඇති ටයිටේනියම් ඩයොක්සයිඩ් මතට පතිත වන අල්ට්‍රාවයලට් ආලෝකය නිසා නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායුවටත්,මද ආලෝකයටත් ඇදී එන මදුරුවන් කොටුකර වියලි සුලග නිසා වියලී යෑමට සැලැස්වීමෙන් විජලනය කර මදුරුවන් මරණයට පත් කරයි. මරණයට පත් නොවී සිටින මදුරුවන් නිකුත් කරන ස්‍රාවයන් මගින් ගැහැණු මචුරුවන් ආකර්ශණය කර ගැනීමෙන් මදුරුවන් බෝවීම මෙමගින් තවදුරටත් පාලනය කිරීම සිදුවේ.

මේ නිසා මදුරු දගර හා වේපරයිසර් වැනි වඩාත් ජනප්‍රිය මදුරුවන් පලවා හැරීමේ ක්‍රමයන්ට සාපේක්ෂව මෙය සෞඛ්‍ය ආරක්ෂිත වන අතර ඔබගේ නිවසේ සියළු විදුලි පහන් විනාඩි කිහිපයකට නිවා දමා මෙය දල්වා තැබීමෙන් නිවසේ මදුරුවන් මෙයට කොටු කර ගනීමට හැකි වනු ඇත.

මෙම උපකරණය සදහා මාස 6ක වගකීම් කාලයක් ලබා දෙන අතර එම වගකීම් කාලය අතරතුරු කිසියම් දෝෂයක් ඇති වුවහොත් එය නිවැරදිර දීම හෝ වෙනත් උපකරණයක් ලබාදීම සිදුකරන අතර වකීම් කාලයකට පසු කිසියම් දෝෂයක් ඇති වුවහොත් සුළු මුදලකට එය නවීකරණය කර දෙනු ඇත.
ගෙන්වා බෙදාහැරීම – සොලිඩ් එන්ටප්‍රයිසස් (පුද්) සමාගම. (ඇපලෝ සමූහ ව්‍යාපාරය)
දුරකථන අංක – 0314933856/0312233505

mos trap

Save