මන්නාරම – යාපනය මාර්ගයේ නව දේවස්ථානයක් ඉදිවේ

0
293

අභිනවයෙන් ඉදිකරන ලද ශාන්ත අන්තෝනි දේවස්ථානය මන්නාරම රදගුරුතුමා අතින් අභිෂේක කර විවෘත කරන ලදී.

මන්නාරම යාපනය ප්‍රධාන මාර්ගයේ අභිනවයෙන් ඉදිකරන ලද ශාන්ත අන්තෝනි දේවස්ථානය අද අඟහරුවාදා (3) විවෘත කෙරිණි. මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු හිමිපානන් විසින් අභිෂේක කර විවෘත කරන ලද අතර දිව්‍ය පූජාවෙන් අනතුරුව ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ ආශිර්වාදය බැතිමතුන් වෙත පිරිනැමිණි. දිවයිනේ ප්‍රදේශ රැසකින් දස දහසකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී ආශිර්වාද ලබා ගැනීම ද විශේෂත්වයකි.

ඡායාරූප – ඒස්.ආර්.ලැම්බර්ට්