මනිබඩු සමඟ ගමට සහජීවනයද ගෙනආ මනිබඩු වෙළෙන්දා !

0
1756

මනිබඩු වෙලෙන්දා

 

 අතීතයේ  ගමටඑන  මනිබඩු  වෙළෙන්දා  ගමේ  සියළු  දෙනා  දන්නා  හඳුනන  ගමේ  හිතවතෙකි.  ගැමි  ලියන්ගේ  රූප  සොබාව  කෙරෙහි  ඔහු  දක්වන්නේ  ප්‍රබල  දායකත්වයකි.  නමුත්  අද  එම  වෙළඳාම  පවතින්නේ  එවැනි   පරිසරයක  නොව. මෙම වෙළඳාමට  වැඩි   දායකත්වයක්   දී  ඇත්තේ  මුස්ලිම්  ජාතිකයින්ය.  නමුත්  අද  විවිධ  අය  විවිධ  ආකාරයෙන්  මනිබඩු  වෙළඳාමේ යෙදෙති

එස් .එම්  බදුර්දීන්  මනිබඩු  වෙළෙන්දෙකි. මීගමුව  කාමච්චෝඩය  සති පොලේදී    ඔහු නිතර  හමුවේ.  බදුර්දීන්  සමඟ  සුහද  කථාබහක  යෙදීමට  අදහස් කළේ  පුංචි  සිරුරකින්  යුතු  වුවද  ජීවත්වීම  සඳහා  කරන  අරගලය  තුළ  ඔහුගේ  භූමිකාව  හඳුනා  ගැනීම  වැදගත්යැයි  හැඟුනු  බැවිනි.  භාෂා ප්‍රශ්ණය  බාධාවක්  වුවද  කළ  කෙටි  කථාබහ සමඟ  යම්  ප්‍රමාණයකට  ඔහු  හඳුනා  ගත්තේයැයි  සිතේ.  මේ  තත්වය  මත  ඔහු  මා  සමඟ  අදහස්  අදහස්  බෙදා ගත්තේ  මෙසේය.

මම  ඉන්නෙ  පෝරුතොට .  බිස්නස්එක  පටන්  අරගෙන  දැන්  අවුරුදු  20ක්  විතර  වෙනව.  මම  ගන්නෙ  බඩු  ටිකයි. මම  බැඳල  නෑ. මට  දරුවො  නෑ.  අක්කල  එක්ක  තමයි  ජීවත්  වෙන්නෙ. ඒ  නිසා  අක්කලගෙ  දරුවන්‍ට  උදව්  කරනවා. එක  අක්ක  කෙනෙකුට  දරුවො  8ක්  ඉන්නවා.මට  අයිති  පර්චස්  5ක  ඉඩම  ඒගොල්ලන්ට  ලියල  දුන්නා.

මේ  මිනිසා   කුඩා  වුවද  තම  නෑසියන්  සමඟ  සහ  පොදු සමාජය  සමඟ  මිත්‍රශීලීව  කටයුතු  කරන  අහිංසක  මිනිහෙක්.  සමහර  අය  විසුළු  ආකාරයෙන්   සළකා  කටයුතු  කරන  නමුත්   ජීවත්වීම  සඳහා  ඔහු  දරන  උත්සාහය   නිසාත්,  සතුටින් තම  ජීවන  ගමන  ගෙනයන  නිසාත්  අප එය  අගය  කළ යුතුය.

.මොහොමඩ්  පාසි  මහිමගොඩැල්ල  කියන  ගමේ  ජීවත්වන  මුස්ලිම්  වැසියෙක්.  තමන්ගෙ  කරත්තෙ  මනිබඩු  පටවගෙන  තල්ලුකරගෙන  යන්නෙ ඉක්මනින්  බඩුටික  විකුණගන්න.  දළුපත   තිඹිරිගස්කටුව  පාරෙදි  ඔහු  කීප වතාවක්ම  මුළුගැසුනු  නමුත්  කථාබහකට  ඉඩක්  ලැබුනෙ  නෑ.නමුත්  මේ  වතාවෙදි   ඒකට  අවස්ථාවක්  ලැබුන.මොනවගේ  බඩුද  තියෙන්නෙ  කියල  ඇහුවම  මෙහොමඩ්ට  කතානොකර   බැරුවගියා.  ඒනිසා  ඉක්මනින්  යන්න  ඔනෙ වුනත්,  ටික  වෙලාවක්  නතරවෙල  මාලඟ   ගෙදරකට  ඕ‍න කරන  ඔනෙම  දෙයක්  තියෙනවා යැයි  කියමින්   තමන්ගෙ  විස්තර  ටිකක්  කිව්වෙ  මෙහෙමයි.

මම  මොහොමඩ්  පාසි.මම  ඉන්නෙ  මහිමගොඩැල්ලෙ.  2007  තමයි  මේ  රස්සාව  පටන් ගත්තෙ. තරුණකාලෙ  පානදුරේ  මේ වගේ  මනිබඩු  පේව්මන්ට්  එකේ  තියාගෙන    විකුණුවා.  කරත්තෙ  බඩුටික  පටවගෙන  මීගමුවෙ  යන්න  පුළුවන්  හැම  පාරකම  මම  යනව.දවසකට  හැතැප්ම  5ක් 6කට  වැඩිය  යනව ඇති.  මොකද  උදේ  පටන්  ගත්ත  තැන  ඉඳල  ඇවිදින  එක  තමයි  කරන්නෙ.

විරුද්ධකාරයො  එහෙම නැද්ද?

මට  කව්රුත්  විරුද්ධ  නෑ.  මම  ගා  එක්කත්  හොඳින්  ඉන්නවා. හැමෝම  මට   සළකනව. පහුගිය  දවස්වල  ටිකක්  බයෙන්  හිටිය.  ඒ වුනාට  මට  කව්රුත්  ගහන්නෙ  බයින්නෙ  නෑ.  එදා  පල්ලියේ  සිදුවීම  අපරාධයක්.

නිතර  සිනා මුහුණින්  යුතුව  ගම  වටේ  ඇවිදින  මේ  වෙළෙන්දා  මණිබඩු  පමණක්  නොව  මිනිස්කමද  ගමපුරා    බෙදාහරින  ඔනෑම  කෙනෙක්  සමඟ  මිත්‍රශීලීව  කටයුතු  කරන  කෙනෙක්.  මේ  නිසා  ඔහු  දුටුවිට  අතීතයේ  අපට  මුණගැසෙන  මනිබඩු  වෙළෙන්දා  සිහිපත්වන  බව  කිවයුතුය.