මම කිව්වේ මෙරට දේශපාලන බලවේග ගැන නෙමේ – කාර්දිනල් හිමිගෙන් නිවරදි කිරිමක් ( විඩියෝ)

0
97

පාස්කු ප්‍රහාරයට අදාලව කාර්දිනල් හිමියන් විසින් ඊයේ කරන්නට යෙදුන ප්‍රකාශය ඉතාමත් ප්‍රගතිශිලි එකක් යන අදහස බොහෝ අය විසින් තවමත් කථා බහට ලක්කරමින් තිබියදිම අද දිනයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කාර්දිනල් හිමියන් කියා තිබුනේ තමන් විසින් මෙරට දේශපාලන නායකයන් ගැන හෝ බලවේග ගැන කිසිවක් නොකි බවත් විදේශිය බලගතු රටවල් ගැන කි පමණක් කි බවත්ය.

තමන්වහන්සේ ඊයේ දිනයේදී සිදුකළ ප්‍රකාශයක් වැරදි අයුරින් තේරුම් ගෙන ඇති බව කාදිනල් හිමියන් අද ප්‍රකාශ කර සිටියේ

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවී මේ මස 21 වෙනිදාට දෙවර්ෂ පුර්ණය වීම නිමිත්තෙන් කරුණු පැහැදිලි කරමින් පැවති මාධ්‍ය හමුවේදී කාර්දිනල් හිමි මේ ප්‍රකාශ කර තිබුණි.

“ මම කිව්වේ නැහැ රටේ මුස්ලිම් අන්තවාදයක් ව්‍යාප්ත වාදයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කිසිම දේශපාලන පක්ෂයක් ගැන නෙමෙයි මම කිව්වේ. මම කතා කලේ ජාත්‍යන්තර වහබ්වාදය ගැනයි. මේ වහබ්වාදය ලෝකයේ බලගතු රටවල අතකොළු බවට පත්වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ අන්තර්ජාතික දේශපාලන බලවේග ගැනයි කතා කළේ. නැතුව ලංකවේ දේශපාලන පක්ෂ ගැන නෙමෙයි කතා කලේ”‘ කාදිනල් හිමියන් සඳහන් කර සිටියේය


මේ අතර කාර්දිනල් හිමියන් විසින් ඊයේ කියන්නට යෙදුන ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් අද කරමින් තිබිම ගැන සමාජ මාධ්‍ය තුලින් ප්‍රතිචාර දැනටමත් ලැබෙමින් පවති.




කාර්දිනල් හිමියන් විසින් ඊයේ කරනු ලැබු ප්‍රකාශය