ඊට පෙර මෙම කමිටුවේ සභාපතිවරයා වුයේ නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාය.
මීගමුව ආසනය වැඩි ඡන්ද 31000 කින් දිනුවද පාර්ලිමේන්තු මන්ත්‍රිධුරයක් අහිමිවිම ගැන කණස්සල්ලෙන් සිටි ජනතාවට දැන් යම් අස්වැසිල්ලක් ඇතිව තිබෙන්නේ රොයිස් විජිත මහතාවද සමසභාපතිවරයෙකු ලෙසින් දැන් නම් කර ඇති බැවිනි.
මෙම පත්විම ගැන මීපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් රොයිස් විජිත මහතා කියා සිටියේ තමන් මේ තනතුර සොයා ගියා නොව එය තමන් ලගටම ආ බවය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ සම සභාපතිකම ගැනිම සදහා තමන් මාළු හෝ අල්ලස් නොදුන් බවය.