මම සරත් මහත්තයාට බැන්නේ නෑ ! පළාත් සභා මන්ත්‍රි ආනන්ද කියයි ?

0
261

anandaපසුගිය දිනක හිටපු මහඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවැති ගම්පහ දිස්ත්‍රික්ක මහින්ද පිළේ රැස්විමේදි එහි ගොස් සිටි මීගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාට එල්ලවුවායැයි කියන විරෝධය පිළිබදව අදහස් දක්වමින් පළාත් සභා මන්ත්‍රි ආනන්ද හරිස්චන්ද්‍ර මහතා මීපුර ට කියා සිටියේ එම රැස්විමේදි තමන් විසින් කරන්නට යෙදුන විවේචනාත්මක කථාවේදි සරත් ගුණරත්න මහතා ඉලක්ක කොටගෙන කිසිවක් නොකි බවය.
මහින්ද පිළේ උදව්වෙන් ඡන්ද ගෙන අනික් පිළට පනින්න බලන් ඉන්න පිරිසක් ඉලක්ක කොට ගෙන තමන්ගේ විවේචනය ඉල්ල කරන්නට යෙදුන බවද තවදුරටත් හේ අවධාරණය කර සිටියේය.
මේ අතර තමන්ගේ නම සදහන් කිරිමට අකමැති වු මීගමුවේ දේශපාලන ක්‍රියාධරයෙකු මීපුර වෙබ් අඩවියට කියා සිටියේ 1989 පැවැති භිෂණ සමයේ තමන් ගම්පහ ජේෂ්ඨතමය යැයි කියන සරත් ගුණරත්න මහතා රටහැර ගිය බවය.
එහෙත් සියළු අවධානම් දරාගෙන පක්ෂය වෙනුවෙන් ක්‍රියාත්මක වු හා තිරාණාත්මක වැඩකොටසක් කළ පිරිසක් මීගමුවේ සිටි බවද ඔහු අවධාරණය කර සිටියේය.

Save