මරණාසන්න තරුණියකගේ අවසන් ඉල්ලීම ඉටුකරමින් කීර්ති රෝහලේදී සඳලතා කියයි

0
118

ප්‍රතිශක්ති දුර්වලතාවයකින් රෝගීවී මරණාසන්නව ලෙඩ ඇඳේ සිටින තරුණියකගේ අවසාන ඉල්ලීමක් ඉටුකිරීමේ අපූරු සත්ක්‍රියාවකට දායකවන්නට ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවල් පසුගියදා පියවර ගෙන තිබුණා.
කීර්ති ගයන සඳලතා ගීතය අසන්නට ඛෙහෙවින්ම ආසා කරන මෙම තරුණිය විවාහක තැනැත්තියකි. ඇය මින් වසර දෙකකට පමණ පෙර විවාහය සිදු කරගත් පසුව මෙම විරල රෝගයට ගොදුරු විය. පසුගිය මාස කිහිපය පුරාම ඇය සිටියේ ලෙඩ ඇඳේය. කීර්ති පැස්කුවල් ඇගේ ආසම ගායකයා වන අතර
ඇය සිය මංගල උත්සවයේ ආරාධිත ගායකයෙකු ලෙස කීර්තිව ගෙන්වාගෙන එහිදී ඔහු ලවා ගීතද ගායනා කර ගෙන තිබුණි.

පසුගියදා කීර්ති පැස්තුවල් ඇමතූ මෙම තරුණියගේ ඥාතියෙකු පවසා ඇත්තේ කීර්ති අයියාගේ සඳලතා තමයි එයා ආසම ගීතය. ඒක මැරෙන්න මොහොතකට කලින් අයියගේම හඬින් අහන්න තියනවා නම් හරියට වටිනවා කියල එයා කියනවා.. ලෙසිනි.
මෙම අනුවේදනීය ඉල්ලීමට නිහතමානීව එක`ගවූ කීර්ති ඔහුගේ දියණියද කැටුව ගිටාරයක්ද අතින් ගෙන රෝගී තරුණිය සිටි රෝහල වෙත ගියේ ඇයගේ අවසාන ඉල්ලීම ඉටුකරන්නටයි.
පහත ප කීර්තිගේ මෙම සත් ක්‍රියාව නිසා ඇය මොහොතකට හෝ සුන්දර අත්දැකීමක් ලැබුවා නොඅනුමානය.
වීඩියෝව පහතින්
http://www.gossiplankanews.com/

dinishi 2

dinushi3

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here