(2015 මාර්තු 21)
” මරණ දඬුවම ලොව පුරා තහනම් කල යුතු ය.නොපිළිගත හැකි දඬුවමක් වන එය කුරිරු ය, අකාරුණිකය, ආත්ම ගෞරවය කෙලෙසන්නේ ය. අපරාධයකට ගොදුරු වුවනට එයින් යුක්තිය ඉෂ්ට කෙරෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පලිගැනීමට පෙළඹවීම පමණි.” ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ තමන් හමුවීමට පැමිණි මරණ දඬුවමට එරෙහි ජාත්‍යන්තර කොමිසමේ නියෝජිත කණ්ඩායමකට පිළිතුරු දෙමිනි. මෙම ත්‍රි පුද්ගල නියෝජිත පිරිස සිකුරාදා පාප්වහන්සේ හමු වූ හ.

පාප්වහන්සේ ගේ ප්‍රතිචාරය ලිපියක් මගින් ඔවුනට ලබා දෙන ලදී.
“නුතන නීතියේ ස්වභාවය අනුවත් මරණීය දණ්ඩනය අසාර්ථක එකකි. මන්ද එය යුක්තියේ නාමයෙන් ඝාතනය කිරීමට රාජ්‍යයකට බල කරය, .” යයි එම ලිපියේ පාප්වහන්සේ පවසති. එහෙත් ඝාතනය යනු සිය දේශපාලන විරුද්ධවාදීන්, සුළුතර ජනකොටස් සේම සිය බලය පවත්වාගෙන යාමට බාධාවක් වෙතැයි සිතෙන ඕනෑම අයකු ඉවත් කිරීමට ආඥාදායක පාලකයන් සහ භක්ති උන්මත්තකයන් යොදා ගන්න ක්රමයකි.”
“මානව යුක්තිය අසම්පුර්ණයැ “යි පාප්වහන්සේ පෙන්වා දෙති. යුක්තිය පසිඳලීමේ වැරදි සිදුවිය හැකි ඕනෑම අධිකරණ පද්ධතියක් තුළ මරණ දඬුවමේ නෛතිකභාවය අහෝසි වී යයි”.
“මරණ දඬුවම ජිවිතයේ ශුද්ධවන්තභාවයටත් මානව පුද්ගලයාගේ ගෞරවයටත් කැළලකි.එය මානව වර්ගයා සහ සමාජය වෙනුවෙන් ඇති දේව සැලැස්මත් දයාව පිරි දෙවිඳුන් ගේ සාධාරණත්වයත් ප්රතිරෝධනය කරයි.. මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් සිදුවන්නේ සිය වරදට සමාව ඉල්ලා, වන්දි ගෙවා, සිත් මාරුවක් ඇති කරගෙන දෙවිඳුන් ගේ කරුණාබර ප්‍රේමය අත් දැකීමට ඇති අවස්ථාව එමගින් ප්රතික්ෂේ කිරීම යයි ද ප්‍රැන්සිස් පාප් වහන් සේ තවදුරටත් සඳහන් කරති.
http://www.vathikanasulaga.com/
http://www.vathikanasulaga.com/