මරණ 25 කට පසු මීගමුවේ රේල් ගේට්ටුවකට මුරකරුවෙක්…..

0
180

CGR3මීගමුව අළුත් පාරේ කීල් සුපර් මාර්කට් එක අසල තලාදුව දෙසට දිවෙන පාර හරහා වැටි ඇති අනාරක්ෂිත හරස් මාර්ගය අප දන්නා තරමින් මීගමුවෙු ජිවිත වැඩිම ගණනක් බිලිගත් තැනයි.මෙහි අවසන් බිල්ල වුයෙ මාරස්ටෙලා විදුහලේ ඉගෙනුම ලැබු අති දක්ෂ සිසුවෙකි.ඒ මීට මාස 3කට පෙරය.
ඒ අවස්ථාෙව්දි අප මේ පිළිබදව යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදල බලධාරි්යෙකු නාලක නැමැත්තා අමැතු අවස්ථාවේ මෙම අනාරක්ෂිත ස්ථානයේ ඇති බරපතල තත්වය කම විමර්ශනය කිරිමට පියවර ගන්නවා වෙනුවෙට ඔහු කලේ ලංකාවේ සියළුම ආනාරක්ෂිත ගේට්ටු ප්‍රශ්ණය විසදිමට ක්‍රියාත්මක කිරිමට නියමිත ව්‍යපෘතියක් ගැනය. අපි විමසා සිටියේ අපි මතු කරන මේ ස්ථානයට යම් හෝ විසදුම්ක් දෙන්නට තවත් මිනිස් බිලි කියක් නාලකලාට අවැසිදැයි කියාය.
අනතුරුව අප විසින් කරන ලද මැදිහත්විම්වල ප්‍රථිපලයක් ලෙසින් මිගමුව නගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා මීගමුව මහ නගර සභාවට යෝජනාවක් ගෙන ආවේය. එහිදි ඔහු සදහන් කර තිබුනේ මෙම ස්ථානයේ අවම වශයෙන් මිනිස් ජිවිත 25 ක් පමණ බිලිගෙන ඇති බවය.
නගර සභාවේ යෝජනාෙවන් පසුවත් කිසිදු වෙනසක් සිදුවුයේ නැත.
පසුගිය කාලය පුරා ලංකාවේ සතියක් ඇතුලත සිදුවන්නට පටන් ගත ජිවිත බිලි ගැනිම් ගණන වැඩිවිමත් සමගින් ජනාධිපතිගේ ඇස් ඇසුරිනි.
දැන් එිහි ප්‍රථිපලයක් ලෙසින් රතු කොඩියක් අතට ගත් මුරකරුවෙකු අනාරක්ෂිත තැන රකින්නට පැමිණ ඇත.
ඒක් ස්ථානයක් සදහා පැය 8 ක වැඩ මුර 3 ක් සදහා තිදෙනෙකු සේවයේ යොදවා ඇත.මාසික දිමනාව රු 7500 කි.අධික්ෂණය කරනු ලබන්නේ පොලිසිය විසිනි.
මෙවන් ප්‍රතිකර්මයක් මීට වසරකට පෙර හෝ ඉදිරිපත් වුණි නම් අකාලයේ මිය ගිය සිය ගණනකගේ ජිවිත ඉතිරි වනු ඇත.
එහෙත් දුම්රිය ලොක්කන්ට හෝ කිසිදු දේශපාලකයෙකුට හෝ එවන් උවමනාවක් තිබුනේ නැත.හේතුව ඉන් කොමිස් නොලැබෙන නිසාය.