මරාන්තික උපවාසයකට මීගමු කිතුණු පියතුමන්ලා සුදානම්ද ?

0
64

NGB protestඉන්ධන මිළ පහල හෙළන ලෙස බලකරමින් ඉල්ලා පසුගිය ජුනි මාසයේ ධීවරයන් විසින් පවත්වන්නට යෙදුන මරාන්තික ධීවර උපවාසය දින 3කින් අවසන් කිරිමට ධීවරයන්ගේ අකැමැත්තෙන් වුවද කටයුතු කළ ධීවර සංවිධාන එකමුතුව පවසා සිටියේ සැප් 15 වෙනිදා වන තෙක් තමන් ජනාධිපතිවරයාට කල් දෙන බවය.
උපවාසය අවසන් කරන ලෙස ධීවර ක්‍රියාකාරින්ගෙන් ඉල්ලා සිටි කිතුනු පියතුමන්ලා එදින මාධ්‍ය ඉදිරියේ පවසා සිටියේ සැප් 15 වෙනිදායන් පසු මරාන්තික උපවාසයකට වාඩි වෙන්නේ තමන් වහන්සේ බවය.
ධීවර සංවිධාන එකමුතුව මාධ්‍ය වෙත පවසා සිටියේ සැප් මාසයේ ඉන්ධන මිළ අඩුනොකරන්නේ නම් තමන් යළි විරෝධයකට මුල පුරන බවය.