මරුටියෙන් බත් පැකට් ගන්න ආ ඩිජිටල් හොරා …

0
86

පසුගිය දිනක කටුනායක ප්‍රදේශයේ හෝටලයක් වෙත මරුටි මෝටර් රථයකින් පැමිණි ඉතා වැදගත් ලෙස ඇද පැළද සිටි තරුණයෙකු කෑම පාර්සල 17 ක් ඇනවුම්කර තිබුණි.ඒවා ඇසුරුම්වල නොදමන ලෙසත් බත් සහ ව්‍යංජන වෙන වෙනම උරවලට දමා දෙන ලෙසත් ඉල්ලා ඇත.
හෝටලයේ අය විසින් ඇනවුම් පිළියෙළ කරමින් සිටි අවස්ථාවේ අර තරුණයා සිය ජංගම දුරකථනයෙන් දිගටම කථා කරමින් හෝටලයේ එහා මෙහා යමින් සිට ඇත.
පසුව ඔහු පවසා තිබුනේ තවත් කෑම පාර්සල් 10 ක් සිය මිතුරා විසින් ඇනවුම්කර ඇති නිසා එයද රැගෙන මෙතනට එන බවය.
කාලය විනාඩි පැය වලින් ගෙවෙන්නට පටන් ගත්ද ඒ තරුණයා යළි පැමිණියේ නැත. පසුව සැක සිති හෝටලයේ මුදල් ගැන විමසන අවස්ථාවේ දැන ගන්නට ලැබි ඇත්තේ ඒ සේවය කරමින් සිටි තරුණියන් දෙදෙනෙකු මුදල් පසුම්බි අතරුදහන්ව ඇති බවකි.digital theif

.