මරුවාට අතවනමින් වරායේ සිට පැමිණි කන්ටේනරයක් මීගමුවේදි මාට්ටු ?

0
55
dav

dav

එකක් කිලෝ 30 ක් පමණ බර ට්‍රැක්ටර් රිම් තොගයක් පටවාගෙන කොළඹ වරායේ සිට පැමිණ ඇති කන්ටරයක් මීගමුව අලුත් පාරේදි අනතුරකට මුහුණ දි තිබුණි.ඒ ඉතාමත් ආනාරක්ෂිත ලෙසින් උස අතට බැද තිබුන මේ රිම් තොගයෙන් කොටසක් පාර අයිනේ මඩ වලකට වැටි තිබිම නිසාය.

dav
මේහි ඇති අනාරක්ෂිත තත්වය තේරුම් ගත අයෙක් විසින් මීගමුව මුල්සථාන පොලිස් පරික්ෂකවරයාට පැමිණිලි කිරිමත් සමගින් විනාඩි කිපයකදි ඒ ස්ථානයට රථවාහන අංශයේ පොලිස් නිළධාරියෙකු යොමුකොට තිබුණි.
පැමිණි නිළධාරියාද මේ ආනාරක්ෂිත කන්ටේනර් රථය කොළඹ සිට මරණයට අතවනමින් පැමිණ ඇති බව ගැන එතරම් තැකිමක් නොකොටම මුලස්ථාන පොලිස් පරික්ෂකවරයාගේ නියෝගයක් නිසාදෝ කෙසේ හෝ අනාරක්ෂිත ධාවනයක් යැයි කියා අදාල රියදුරාට දඩකොළයක් යොමුකර තිබුණි.
මෙවන් මරාන්තික ගමනක යෙදුන රියදුරෙකුට බරපතල ලෙසින් අවවාද කරතැයි එතැන සිටි අයද අදාල පොලිස් නිළධාරියාගෙන් බලපොරොත්තුව තිබුණද සියල්ල දඩකොලයකින් පමණක් නිමාව තිබුණි.( ඉන් එහාට තවත් ගණුදෙනු සිදුවුණිද දැයි අප නොදනිමු)
මෙහිදි මතුවන ගැටළු රැසක් වේ.

dav

mde
1.ලංකාව තුල නීති හදන්නෝ මෙන්ම ඒවා ගැන බලන්නොද  ඒවා වාර්ථා කරන මාධ්‍යයද වඩාත් උනන්දුව වන්නේ මිනිස් ජිවිත අහිමිකරමින් බේදවාචක සිදුවන විට පමණය.එසේ නොමැතිව එවන් බේදවාචක වලක්වාගැනිම ගැන කිසිදු තැකිමක් ඇත්තේම නැති ගානය.
2.මෙසේ අනාරක්ෂිත ලෙසින් අසුරන ලද කන්ටේනරයක් සහයෙකුද නොමැතිව වරායෙන් පිටවන්නට අවසර දි තිබුනේ ඒ එන මගදෙපස දහස් ගණන් ජනයාගේ ජිවිත ගැන කිසිදු තැකිමක් නොකරමිනි.
3.වැටුන රිම් තොගය වෙනත් රථයක පටවා තිබුණද කන්ටේනරයේ වු ඉතිරි රිම් තවදුරටත් ආනාරක්ෂිත ලෙසින්ම තිබුණද පැමිණි පොලිස් නිළධාරියාටද ඒ ගැන වගක් තිබුණ බවක් නොපෙනේ .මේ රිම් තොගය බඩල්ගම දක්වා ගෙන යාමට නියමිත බව අදාල රියදුරා පවසා තිබුණි.කිලෝ 30 ක් බර මේ එක රිම් එකක් අසලින් යන අයෙකුගේ මත පතිත වුණි නම් තත්වය කෙබදු විය හැකිද ?අප බලා සිටියේ මෙසේ අනාරක්ෂිත ලෙසින් මෙය ප්‍රවාහනය කිරිමට අවසර නොදෙන්නේ යැයි කියමින් පොලිස් රථවාහන නිළධාරියා ඇතිවිය හැකි අනතුරුදායක තත්වයක් වලකා ලන්නට පියවර ගනිවි යැයි කියාය.

Save