මලඅපවහන පද්ධතිය අක්‍රියයි.මීගමුව රෝහල අර්බුදයක ?

0
432

දැනට කලක පටන් මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ලේ සහ පැරණි ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතිය තුල සිදු වන අවහිරතාවයන් හේතුවෙන් රෝහලට පැමිණෙන සහ නේවාසික රෝගීන්ද එලෙසම වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්්‍යය මන්ඩලය සහ රෝහලට පිටතින් පැමිණෙන අමුත්තන්ද දැඩි අපහසුතාවයකට පත් ව තිබේ.
රෝහලේ පැරණි සහ නව ගොඩනැගිල්ලේ ඇති වාට්ටු සහ විවිධ අංශ වල ඇති සියළුම වැසිකිලි වලින් පිටකෙරෙන මල සහ අපජලය ද ගලා යන්නේ රෝහලේ ස්ථාපිත කර ඇති සුරේජ් ටෑන්ක් ( ිමරටැ ඒබන ) ලෙසින් හදුන්වන සර්ජන ටැංකියකටය. ඒ අනුව වැසිකිලි මඟින් පිට කෙරෙන මල අප ද්‍රව්‍ය සහ අප ජලය තැනින් තැන යොදා ඇති ගලි මඟින් සර්ජන ටැංකිය වෙත යොමු කරයි. එහෙත් මෙම මලාපවාහන පද්ධතියේ එලෙස යොදා ඇති ගලී බොහෝමයක්ම මේ වනවිට විවිධ දේ සිරවීමෙන් අක්‍රිය ව පවතී. ඒ නිසා සමහර වැසිකිලි වලින් පිට කෙරෙන මල ද්‍රව්‍ය සහ අපජලය රෝහලේ ජලය පමනක් බැසයාමට ඇති කානු වෙත ගලා යයි .
මේ නිසා රෝහලේ කානු පද්ධතියේ සමහර ස්ථාන වලින් මලද්‍රව්‍ය ගලා යාම නිසා එම පරිශ්‍රයේ සමහර ස්ථාන ආශ්‍රිතව දැඩි දුර්ඝන්ධයක් පැතීරී යයි.
මෙමගින් රෝහලේ නේවාසික සහ බාහිර රෝගීන්ද , රෝගීන් බැලීමට පිටතින් පැමිනෙන අයද එලෙසම වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්්‍ය මන්ඩලයද දැඩි අපහසුතාවයකට මුහුණ දී ඇති අයුරු පසුගිය දින කිහිපය පුරාම දැක ගැනීමට හැකි විය.
විශේෂයෙන්ම රෝහලේ පැරනි ගොඩනැගිල්ලේ පොලිස් නිලධාරීන්ට වෙන් කර ඇති පොලිස් විවේක කාමරයේ වැසිකිලිය හා සම්බන්ධිත ගලිය තුල යම් යම් දේ හිර වීම නිසා එම වැසිකිලියෙන් පිටකෙරෙන සියළු මල ද්‍රව්‍ය හා අප ජලය මේ වන විට ගලා යන්නේ රෝහලේ කානු මාර්ග වලිනි. එලෙසම රෝහලේ 07 වැනි වාට්ටුවේ ඇති 07 ක් පමන වන වැසිකිලි හා සම්බන්ධිත ගලිය මේ වන විට යම් යම් දේ අවහිර වීමෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවේ. ඒ නිසා එම වැසිකිලි වල මල ද්‍රව්‍ය සහ අප ජලය ද මේ වන විට රෝහලේ කානු වෙත ගලා යාම සිදු වේ. මේ හේතුවෙන් එම වාට්ටු පරිශ්‍රය හා ඒ අවට දැඩි දුර්ඝනධයක් පැතිරී යයි. මෙහිදී රෝහලේ ආරංචි මාර්ග සදහන් කරන්නේ 07 වාට්ටුවේ වැසිකිලි සම්බන්ධිත මෙම ගලිය දැනට වසර ගනනක් තිස්සේම අක්‍රියව පවතින බවයි.
මෙම තත්වය රෝහලේ රෝගීන් මෙන්ම අනෙක් සියළු දෙනාගේ යහපත් සෞඛ්‍යට දැඩි අවධානමක් ඇති කරයි. එලෙසම මෙම තත්වය රෝහල් පරිශ්‍රය තුල ඩෙංගු මදුරුවන් බෝවීම වැනි මාරාන්තික තත්වයක්ද ඇති කරයි. මෙම මල ද්‍රව්‍ය සහ අපජලය රෝහලේ කානු ම`ගින් මීගමුව නගරය පුරා විහිදී ඇති ප්‍රධාන කානු මාර්ග වෙත ද ගලා යයි.
මෙම කානු බොහෝමයක්ම සමහර ස්ථාන වලදී විවෘතව පවතී. ඒනිසා මෙම අහිතකර තත්වය සමස්ථ මීගමු නගරයටම දැඩිව බලපෑ හැකිය. මීට වසරකට පමන පෙර මෙවැනි තත්වයක් නිසා මීගමුව මහා නගර සභාව මගින් රෝහල් පරිපාලනය වෙත අනතුරු හගවා තිබුණු බවටද වාර්තා වුණි.

මෙම තත්වය පිලිබදව විමසු අවස්ථාවේ රෝහලේ පරිපාලන නිලධාරියෙකු සදහන් කලේ රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ සහ නව ගොඩනැගිල්ලේ දැනට කාලයක සිට මෙවැනි තත්වයන් පවතින බවයි. නව ගොඩනැගිල්ලේ මලාපවාහන පද්ධතියේ යම් යම් ස්ථාන වල කාන්දු පවතින අතර එම ගොඩනැගිල්ලට සාපේක්ෂකව දැනට ඇති මලාපවාහන පද්ධතිය ප්‍රමානවත් නොවන බවත් ඒ ස`දහා නව පද්ධතියක් සම්පුර්ණයෙන්ම සකස් කල යුතු බවත් ඔහු පවසයි. එලෙසම පැරණි ගොඩනැගිල්ලේ  ඇති මලාපවාහන පද්ධතියද යල්පැන ගොස් අද පවතින රෝහලට ඔරොත්තු නොදෙන තත්වයක් තුල එම පද්ධතියද මේ වන විට මුළු මනින්ම සකස් කල යුතු බවට පත් ඇතැයිද ඔහු පවසයි.
එමෙන්ම රෝහලේ ගොඩනැගිලි දෙකෙහිම මල ද්‍රව්‍ය සහ අප ජලය එකතු වන සුරේජ් ටැන්ක් නොහොත් සර්ජන ටැංකියේ මෝටර් එකක් දෙකක් හැරෙන්නට අනික් සියළුම ඒවා මේ වන විටත් අක්‍රිය වී ඇති බවද ඔහු පවසයි. එය අළුත් වැඩියා කිරීම මිලියන ගනනක් වැය වන දීර්ඝ ක්‍රියාවලියක් බව ද ඔහු පවසයි. ඒ නිසා රෝහලේ මෙම තත්වයට යම් තාවකාලික විසඳුමක් දීම හැරෙන්නට කෙටි කාලීනව වෙනත් යමක් කල නොහැකි තත්වයට පත්ව ඇතැයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here