මල්ලවපොර ක්‍රිඩාවෙන් මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලය පෙරමුණට……

0
411

2012 වසරේ සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරඟාවලිය පසුගියදා පැවති අතර එම තරඟවලියේදී 19 පහල බාලක අංශයේ මල්ලවපොර සමස්ථ ශරතාවය මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයට හිමී වි තිබේ. ක්‍රිඩා අමාත්‍යාංශයේ නව ගෘහස්ත ක්‍රිඩාංගනයේදී පැවැති මෙම තරඟාලියට දිවයිනේ සියළු පලාත් නියෝජනය කරමින් පාසල් 40 ක් පමන සහභාගී වුහ.

කොළඹ පිහිටි ජනප්‍රිය සහ සුපිරි පාසල් ඇතුළු සහභාගී වූ සියළු පාසල් පරාජය කරමින් හරිස්චන්ද්‍ර විද්‍යාලය මෙම ජයග්‍රහනය ලබා ගැනීම වඩාත් සුවිශේෂි ජයග්‍රහනයක් වන්නේ එම විද්‍යාලයට මල්ලව පොර කී්‍රඩාවේ නිරත වීමට හෝ පුහුණු වීමටවත් නිසි අකාරයේ ක්‍රිඩාගාරයක් හෝ නොමැති නිසාය.

එවැනි ප්‍රධාන අඩු පහසුකම් මධ්‍යයේ වුවද හරිස්චන්ද්‍ර විද්‍යාලය ලබා ගත් මෙම ජයග්‍රහනය මීගමු පුරවරයටම මහත් ගෞරවයකි.

 

සුගත් ජීවන්ත, සමන් රෝෂාන්, නිරෝධ ප්‍රාර්ථන, අකිල මධුරංග, ගීත් ස`දරුවන්, චතුරශී්‍ර දේවක, රවි`දු ඉෂාර, රෝමේෂ් මධුසංක සහ ලක්ෂාන් ප්‍රේම් කාශප යන කී්‍රඩකයන් මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලීය 19 පහල මල්ලවපොර කන්ඩායමට අයත් සාමාජිකයන්ය. එම කන්ඩායම විදුහල්පති කීර්ති ඩී. අල්විස් , විද්‍යාලීය කී්‍රඩා අංශ ප්‍රධානී සේපාල කුමාරදාස සහ පුහුනුකරු රවීන්ද්‍ර රූපරත්න යන මහත්වරුන් සම`ග ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාවකි මේ.