මල්ලිගේ අසාර්ථකයත්වය නිසා අයියා වැඩට බසි ! වැය කළ කෝටි 7 වෙනුවෙන් ප්‍රතිඋපකාර ඇරඹේ !

0
122

dayan 1nimal lansa( 5.00pm ) මීගමුවේ අයවැය ජයගන්නා බව දැන් කියන්නෙ එහි නගරාධිපති දයාන් ලංසා නොව ඔහුගේ සහෝදරයා වන ඇමති නිමල් ලංසාය. ඒ ප්‍රකාශය තුල ගැඹුරු දේශපාලන යථාර්ථයක් සැගව තිබේ.
එනම් මල්ලිට බෑ යැයි කියන කරුණයි.
ඒ නිසාම අයවැය ගොඩ දාගැනිමට දැන් අයියාට වැඩට බැසිමට සිදුව තිබේ.
ඒ පසුගිය මැතිවරණයේදි මහජන බදු මුදල් සිය මනාප සටන වෙනුවෙන්ම රු කෝටි 7 කටත් වඩා වැයකර ඇති මල්ලි විසින් වැය කළ නිසා රටපුරා පාරවල් පාලම් හැදිල්ල නවතා වුව රාජ්‍ය ඇමතිවරයාට මල්ලිවත් පියාවත් බිච් පාක් එකත් ගොඩදා දිමට දැන් සිදුව තිබේ.
සැබැවින්ම එජාපයේ නාගරික මන්ත්‍රිවරුන් 19 දෙනා එකාවන්ව කෙලින් සිටගන්නේ නම් මිගමුවේ අයවැය නිමල් ලංසා ඔලුවෙන් හිටගෙන කිවද ජයගැනිමට නොහැකිය.
එහෙත්  නිමල් ලංසා මේදිනවල රු 5000 කොල වලින්ම සල්ලි මිටි ගණන් බදින හැටි හිනෙන් වුව පෙනෙන අතලොස්සක් තවමත් එජාපයේ සිටිති .
සැබැවින්ම එවන් මුදල් කෑදරයන් දේශපාලනයෙන්ම අතුගා දැමිම මිගමුවේ ඡන්දදායක වෙත හෙට දිනයේ පැවරෙන ප්‍රධානතම වගකිම වනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here