මල්ලි වෙනුවෙන් ඡන්දේ ඉල්ලු අයියා මහජන බදු මුදල් පාලනය කිරිම අරඹයි ?

0
138

Screenshot from 2018-03-26 06-50-04යහපාලනය ස්ථාපිත වුයේ රාජ්‍ය සේවය දේශපාලනයෙන් නිදහස් කොට ස්වාධින කිරිම සදහාය. ඉන් කියැවෙන්නේ කොන්ද පණඇති නිලධාරින් සිටින්නේ නම් දේශපාලනිකරණය නොවු රාජ්‍ය සේවයක් රටේ ඕනැම තැනක ස්ථාපිත කළ හැකි බවය.
ලංකාවේ කප්පම් රාජධානිය බදු වු මිගමුවේ ක්‍රියාත්මක වන්නේ එදා සිටම යහපාලනය නොවේ.කප්පම් යම පාලනයයි.
මේ නිසාම මල්ලි වෙනුවෙන් ඡන්දය ඉල්ලු අයියලා දැන් මීගමුවේ මහජන බදුමුදල් වලින් නඩත්තු වන නගර සභාවේ සියළු පහසුකම් බලෙන්ම ගෙන දේශපාලනය කරන්නට පටන් ගෙන තිබේ.
අද පෙරවරුවේද එවැනි දේශපාලන රැස්විමක් මීගමුව මහනගර සභාවේ කමිටු ශාලාවේදි පැවැත්වුණ බව මිපුර වෙබ් අඩවිය අමතා එජාප නාගාරික මන්ත්‍රිවරයෙකු විසින් කියා සිටියේය.
මේ පැහැලිදිවම පළාත් පාලන නිතිය දේශපාලනයෙන් යටකිරිමකි.
මේ තත්වය වහාම පාලනය කිරිමට අදාල රාජ්‍ය නිලධාරින් පියවර ගත යුතුව තිබේ.
ලංකාවේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදි මල්ලි කෙනෙකු  අයියා ගෙවල් ගානේ යමින් ඡන්දය කරන ලද එකම පළාත් පාලන අායතනය වන්නේද මීගමුවයි.
මේ මල්ලි  දයාන් ලංසාය. අයියා නිමල් ලංසාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here