මල්වලින් උපන් මල් සංගමයේ විකසිත මල් දැක්ම….

0
216

මල්වලින් උපන් මල් සංගමයේ විකසිත මල් දැක්ම….DSC_0446

කටාන, මීගමුව සුවහස් මල් වගාකරුවන්ගේ සංගමය ඉදිරිපත් කරන විකසිත මල් දැක්ම

මේ මස 24, 25, 26, 27 28 යනදිනයන්හි කටුනායක 18 කනුවෙහි ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගනයේ උදේ 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පැවැත්වේ. මෙය ප්‍රවීන මල් වගාකරුවන්ගේ ප්‍රදර්ශන කුටි 50ක එකතුවක් වන අතර සමීති 10ක ක්‍රියාකාරී සාමාජිකයින් 50 ක් සිටින බව එහි උප සභාපති රම්‍යලතා වළාකුළුගේ මහත්මිය පවසයි. එමෙන්ම මෙහි මල්වලට අමතරව මල්පෝච්චි, එළවළු, පලතුරු පැල පොහොර, වැනි දේවල් සහිත කුටිද ඇත. තවදුරටත් අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ මෙම මෙගා මල් දැක්ම අවුරුද්දකට දෙවතාවක් ගම්පහ දිස්ත්‍රික් සුවහස් මල්වගා කරුවන් ලෙස පවත්වන බවත්, කටාන, මීගමුව පමණක් එකතුවී මාස දෙකකට වරක් පවත්වන බවත්ය.

මෙම සමීතියේ නිලධාරි මණ්ඩලය මෙසේය

.සමීතියේ සභාපති ක්‍රිෂාන්ති ප්‍රනාන්දු

උප සභාපති රම්‍යලතා වළාකුළුගේ

ලේකම් මානෙල් අප්පුහාමි

භාණ්ඩාගාරික ග්‍රේටා පෙරේරා යන අයයි.

පේරාදෙනිය උද්භීද උද්‍යානයට අනුබද්ධිතව ගම්පහ දිස්ත්‍රික්කය තුළ මෙම සුවහස් මල්සංගමයේ සමිති 10ක් ක්‍රියාත්මකය. එනම් කටාන, නිට්ටඹුව, වල්පිටථ මිනුවන්ගොඩ, මාබෝල, ආඩිඅම්බලම, ජාඇල, මරදගහමුල, බෙම්මුල්ල, බෝපිටිය, එසේම අදදින වයඹ පළාතෙන් වෙන්නප්පුව සමිතියක් ද සහභාගී වී ඇත.

මේ  වනවිට වගාකරුවන් විශාල ප්‍රමාණයක් සිටින නමුත් නිශ්චිත ස්ථානයක් නැතිකම ප්‍රශ්ණයක් ලෙස පවතින බව මෙහි සංවිධායක වරයෙකුවූ දමිත මහතා පවසයි.