ජනතා ප්‍රශ්ණ හමුවේ නිබදව ගොළුවකු සේ සිටියද ඔහුට වැරදුනේ නැත. ඒ ඔහුගේ අතිජාත මිත්‍ර හාම්පුතා නිසාවෙනි.
වචන ගලපා කථා කරගන්නට බැරි වුවද ඇමති නිමල් ලංසා ජිවංගට පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂධුරයක්ද පිරිනමා තිබුණි.
කෙසේ වෙතත් කටනැතත් බඩ වෙනුවෙන් විසිල් නැතිවම බල්ටි ගහන්නට සැදි පැහැදි සිටින ජිවංගලා රාජපක්ෂ මුදළිදු විසින් මීගමුවේ ජනයාට දායද කරන ලද අක්කර 7 ක උද්‍යානය ඇතුෙලත් දැන් ඩිජිටල් කට්අටුට් එකක් දමා ඇත.මේ උද්‍යානය මීගමුවේ දේශපාලකයන් විසින් විනාශ කර දමා තිබේ.
මෙහි එක මලක් වත් නැත.මල් ඇත්තේ ජිවංගලාගේ ඩිජිටල් බැනර්වල පමණි.
මේවැනි මානසික රෝගි තත්වයකට පත්වු මන්ත්‍රිවරුන් ඇත්තේ මීගමුවේ පමණක්ම වියයුතුය,
සිය හාම්පුතා විදේශ ගතව සිටියදි ගෝලයා පැමිණ හාම්පුතා දුන් සල්ලි ගැන කියමින් මේ කට් අවුට් එක සවි කර ඇත.
අපට දැන් නගරාධිපතිවරයාගෙන් අසන්නට එක් වැදගත් කරුණක් ඇත.නිමල් ලංසා වැය කළ මුදල ගැන රාජපක්ෂ උද්‍යානය තුල පුවරු සවි කරන්නේ නම් උද්‍යානයේ නාමයෙන් කාබාසිනියා කළ මුදල ගැනද සදහන් බැනරයක් එල්ලන්නට නගරයේ බදුගෙවන ජනයා හට අවසර දෙන්නේද යනුවෙනි.