මව්බිමේ පාස්කු ඉරුදින ඛෙදවාචකය සැමරූ මෙස්සිනා ශ්‍රී ලාංකීකයින්

0
78
58374889_1295846247233544_4827448472250613760_n
ශ්‍රී ලංකාව  වූ ත්‍රස්තවාදීන් සැරිසැරූ හුදකලා බිමක් බවට පත් වී ඇත. මේ වන විට මුලු ලොකයෙම නෙත් යොමු වෙන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව දෙසටය. 2019 හොදම සංචාරක සන්ධිතානයක් වූ ශ්‍රී ලංකාව දැන්  පාලුවට ගිය යුදබිමක් වැනිය. ශ්‍රී ලංකාව ගැන විශේශිත වූ කැක්කුමක් ඇතිවන්නේ තම රටෙන් පිටවී සිට යම් කිසි හේතූන් මත සංක්‍රමණය වී සිටින අයටය.එය රට තුල වෙසෙන්නට වඩා රටට පිටින් සිටින රට වැසියගේ  අවධානය දිනා ගනී. පාස්කූ ඉරුදින  සිදු වූ මෙම මිනිස් සංහාරය ගැන වික්ශෝප වන එතෙර සිටින අය බොහෝය. ඔවුන් විවිධ වූ ආකාරයට තම මව්බිම වෙනුවෙන් තම ශෝකය පල කරනු අවස්ථා අපට දක්නට ලැබිනි.  එවැනි සැමරුම් කිහිපයක් ඉතාලියේ මෙස්සිනා නගරයේද පසුගිය දින වල සංවිධානය වුනි.. අවුරුදු සමය හේතුවෙන්  මෙස්සිනා නගරයේ පැවැත්වීමට තිබූ අවුරුදු උත්සවද කල් දැමීමට හා අවලංගු කිරීමට එම සංවිධායකින් පියවර ගත්තේය.

              අප්‍රියල් 25 ඉතාලියේ රතු නිවාඩු දින සවස 8  ට මෙස්සිනා නගරයේ කාසපියා යන ස්ථානයට කෙටි පනිවිඩයකින් බොහෝ දෙනෙක් එක්ව සිටින මිය ගිය අය වෙනුවෙන් එකට දෙවිදුන් යදින්නටය. එමෙන්ම පහන් පත්තු කරමින්ද  තම ශෝකය ප්‍රකාශ කලේය. මීට අමතරව අ ප්‍රියල් 28 දින දහවල් මෙස්සිනා ගන්සීරී සාන්ත නිකුලා දේවස්ථානය ඉදිරිපිට එක්වූ ශ්‍රී ලාංකීකයන්  ඉටි පහන් පත්තු කරමින් තම ශෝකය පල කලේය.ඉදින දහවල් සාන්ත එලියා දේවස්ථානයේ දහම් පාසල් ලමුන්ද පහන් පත්තු කරමින් තම දුක බෙදා ගත්තේය. එදින සවස 06 ට CISL- ANOLF  ආයතනය විසින්ද සර්ව ආගමීක වැඩසටහනක් සංවිධානය කර තිබිනි.ඊට අනුබද්ධිතව   ධර්ම දේශනයක් හා මියගිය අය වෙනුවෙන් පින් අනුමෝදය කරනු ලැබිනි. එදිනම සවස 09 ට මෙස්සිනා නගරයේ කතෝලික රදගුරු ජොවන්නී ලාකොල්ලා පියතුමාගේ ප්‍රධානත්වයෙන් හා බෞද්ධ ස්වාමින් වහන්සේලා හා මුස්ලීම් ජනතා නියෝජනය කරමින්ද සහභාගී වූ විශේශ  දේව මෙහෙයක් හා  පහන් පත්තු කරමින්  මිය ගිය අය වෙනුවෙන් සැමරුමක් සංවිධානය කර තිබිනි.

59526917_1207018702792911_8694350280667430912_n IMG_2193 IMG_2268 IMG_227658380052_1295846093900226_5272565435265449984_n


දිල්ශාන් ක්‍රිෂාන්ත –  මෙස්සිනා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here