මසකට සංචාරකයන් 50000 ක් ! මීගමුවටත් බලාපොරොත්තුවක් !

0
259

මසක් තුළ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 50000 සීමාව පසුකර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

නොවැම්බර් 01දා සිට 27දා දක්වා කාලය තුළ සංචාරකයන් 51865 ක් පැමිණ තිබේ.

පසුගිය අප්‍රේල් මස ශ්‍රී ලංකාවට සංචාරකයන් 62980 ක් පැමිණීමෙන් පසු 50000 සීමාව පසුකළ පළමු අවස්ථාව මෙය වේ.

සංචාරක කර්මාන්තයේ යළි පිබිදීමක් පෙන්නුම් කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.

සංවාරකයන් මෙරටට පැමිණිමේදි මෙන්ම මෙරටින් පිටවි යාමේදි බොහෝ දෙනෙකු දින කිපයක් මිගමුවේ ගතකිරිම පුරුද්දක් කරගෙන සිටිති.
මේ නිසාම කාලයක් තිස්සේ සංචාරකයන් නැතිකම නිසා දැවැන්ත අර්බුදයක් නිර්මාණය වි තිබුන මිගමු සංචාරක කලාපයේ බොහෝ දෙනෙකුට ලංකාවට සංචාරකයන් පැමිණෙමින් තිබිම සැබැවින්ම බලාපොරොත්තුවක් ගෙන එන පුවතකි