මහජන දේපල හිතුමතේ බදු දෙන්න මීගමුව නගරාධිපතිට බලය දුන්නේ කව්ද ?

0
387

නගරාධිපතිගේ යෝජනාවමීගමුව නගරාධිපති දයාන ලංසා විසින් මිගමුව මහනගර සභාවට අයත් ඉතාමත් මිළ අධික වටිනාකමකින්  යුත් ක්‍රිඩා පිට්ටනියක්  වසර 10  කට බදුදෙන්න අද යෝජනාවක් ගෙනවිත් තිබුණා.

මේක යෝජනාවේ ඇතුලත් කරුණු

1.සා.මරියා විදුහල ප්‍රදේශයේ ජනප්‍රිය පිරිමි පාසැලක්

2.2021 ට වසර 150 ක් පිරෙනවා.

3.මේ පාසැල විසින් දැනටමත් පරිහරණය කරන මේ ක්‍රිඩාපිට්ටනියේ ක්‍රිඩාගාරයක් හදන්න මුදල් ප්‍රතිපාදන ලැබිල තියෙනවා .

4.දැනට තියෙන බදු කාල සිමාව 2021 අවසන් වෙනවා

5 ක්‍රිඩාගාරය හදන්න බැරිවුනොත් ඒ සල්ලි ආමාත්‍යංශයට ආපහු යනවා කියල විදුහල්පති පියතුමා කියනවා .

6.කැපිපෙනෙන පාසැලක් බවට පත්කරන්න අවශ්‍ය පුහුනුවක් ලබාදිමට වෙනත් ක්‍රිඩාපිටියක් පාසැල ආසන්නයේ නැ

7.එබැවින් පාසැල් දරුවන්ගේ ක්‍රිඩා කෞශල්‍ය ඉහල නංවා ලිමට බදු පදනම යටතේ ශා.මරියා පාසැලට මේ පිට්ටනිය දෙන්න .

මේක තමයි යෝජනාවේ සාරංශය

ලංසා පවුලට ආගමික කටයුතුවලට හැමදාම එන ජයන්ත වික්‍රමසිංහ පියතු

මේකෙ සදහන් නැති තවත් දේවල් කිපයක් තියෙනවා ඒවත් මෙතනදි මිගමුවේ බදු ගෙවන ජනයා දැනගැනිම වැදගත්

1.නිමල් ලංසා මෙන්ම දයාන් ලංසාද ඉගෙන ගෙන ඇත්තේ ශා.මරියා විදුහලේ විම

2. එහි වත්මන් විදුහල්පති පියතුමා යනු ලංසා පවුලේ සියලු කටයුතුවලදි ප්‍රශස්ති මෙන්ම ස්ත්‍රොත්ත කියන්න පැමිණෙන ප්‍රධානතම පියතුමා විම

ඉහත කරුණ 2 කද මතකයේ තබාගනිමින්ම සටහන් කළ යුතු කරුණු ගණනාවක් තියෙන
ඒ තමන්ටයැයි ක්‍රිඩාපිටියක් නැති පාසැල් ගණනාවක්ම මිගමුවේ තියෙනවා කියන කරුණ.
.
1. දැනටමත් ජාතික ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රිඩා කෞශල්‍යතාවලින් හෙබි දරුවන් සිටින නිව්ස්ටඩ් බාලිකා පාසැල .එය ඇත්තේද මේ ක්‍රිඩා පිටිය ආසන්නයේමය. එහෙත් ඔවුන්ටද ක්‍රිඩා පිටියක් නැත ඒ දරුවන් යන්නේ කිසිදු නඩත්තුවක් නගර සභාව විසින් කරනු ලබන කොටු්ව පිට්ටනිය වෙතය.
2. කුරණ විදුහලටත් ක්‍රිඩාපිටියක් නැත. ඒ අය යන්නේ ඒ අසල ඇති මේජර් රාජ්‍ ක්‍රිඩා පිටිය වෙතය.

මේ අනුව ක්‍රිඩා පිටි නැති පාසැල් ලයිස්තුව ගතකරන්න ගියෝත ඒක මහදිග එකක් වෙනවා .
මෙතන තියෙන ගැටලුව තමයි මහනගර සභාවක් කියන්නේ ඒකට බදු ගෙවන හැමෝටම සමානාත්මතාවයෙන් සලකන සාධාරණ එකක් වෙන්න ඕන .
නගරාධිපති මල්ලියි ඇමති අයියයි ගිය ඉස්කෝලෙ කියල මහජන දේපල එහෙම බදු දෙන්න බැ . එහෙනම් නිව්ස්ටඩ් එක කිව්වොත් අපට කොටුව පිට්ටනිය ඕනේ කියල මිගමු මහනගර සභාව මොකද කියන්නේ .

ඒ වගේම කුරණ ඉස්කෝලේ කිව්වොත් මේජර් රාජ් එක දෙන්න කියල මහනගර සභාව මොකද කියන්නේ .

මේ ව ඇත්ත ප්‍රශ්ණ.ඒ හින්ද අයියල මල්ලි ඉගෙන ගත්තු නිසා හරි විදුහල්පති පියතුමා තමන්ට කැමති ඕන වෙලාවක ප්‍රශස්ති කියවාගන්න ගෙන්න ගන්න පුලුවන් එකම නිසා හෝ වෙනත් හේතුවක් හින්ද කියල අපේ බොක්ක නැතිනම් අපේ ස්වාමි එයා තමයි විදුහලේ විදුහල්පති ඒ හින්ද නොදි බැ කියල හිතුමතේ කටයුතු කරන්න බැ.

අනික මිට අවුරුදු 20 ක විතර ඉස්සර දිල තිබුන කියල තවත් 10 කට දෙන්න අනිවාර්යකක් නැ. මොකද මිගමුව තියෙන්න ඕන හොද ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් එහෙම එකක් හදද්දි මේ තියෙන සිමිත ඉඩම් වඩාත් ප්‍රශ්ස්ත ලෙස යොදවාගන්න පුලුවන් විදිය ගැන බලන්න ඕනා..
ඒ හින්ද මේ ගැන මහසභාවේ නාගරික මන්ත්‍රි කෙනෙක් එයාගේ අදහස් කියද්දි චණ්ඩිකම් දාල මම මේක දෙනවාමයි කියල කියන්න නගරාධිපති කව්ද ? එයාට මොකද්ද තියෙන බලය.? ඉතින් රස්සාවකුත් නැතිව රු කොටි 3 ක් විතර ගෙයක් හදන්න පුලුවන් වුනා නම් දයාන් ලංසාට තියෙන්නෙ පිට්ටනියක් සල්ලි වලට අරන් දෙන්නනේ.

අනික අමතක කරන්න එපා දැනටමත් පළාත් පළාත ආයතන ඒ අදාල පළාත් පාලන ආයතනයේ භුමි සිමාව තුල ඉඩම් බදු දිම ගැන ආණ්ඩුකාර තුමන් විසින් නිකුත් කරල තියෙන චක්‍රලේඛනයක් තියෙනවා . එකට අනුව හිතුමතේ වැඩකරන්න බැ.

එහෙම ගත්තම මම මේක එක වගන්තියක් වත් වෙනස් නොකර පිට්ටනිය බදු දෙනව කියල කියන්න දයාන් ලංසා කව්ද ?

එයා නගරාධිපති විතරයි

රටේ නිතියක් තියෙනවා .පලාත් පාලන නිතියක් තියෙනවා. මිගමුවේ කොන්ද පණ නැති විපක්ෂයක් ඉන්න හින්ද ඒව මහසභාවල් වලදි මතුවෙන්නේ නැ.
අද වුනත් මේකට විරුද්ධයි කියල කොන්ද කෙලින් තියන් කථාකරල තිබුනේ එජාප නාගරික මන්ත්‍රි සංගිත් විතරයි. ගිහන් කියන නාගරික මන්ත්‍රිවරයගේ ප්‍රතිචාරයත් පතෝල එකක්.
එයාල කොහොමත් දවල් මිගෙල් රැ දනියෙල්ලා.

අපි ගියෙත් මේ පාසැලට තමයි .නමුත් ප්‍රතිපත්ති මුලිකව කටයුතු කරනවා නම් කල්පනා කරන්න ඕනා මිගමුවේ පිට්ටනි පුද්ගලික බුදල් බවට පත්කරනව වෙනුවට මුදල් වියදම් කරල හොදට හදල නඩත්තු කරල සමස්ත බදු ගෙවන ජනතාවගේම දරුවන්ට පාවිච්චි කරන්න පුලුවන් විදියක්  හදන එක.
නමුත් ලංසා පවුල පහුගිය කාලෙම කරේ මිගමු ඔක්කොම පිට්ටනි ටික එයාලගේ පවුලේ බුදල් කියල හිතාගෙන හිතවතුන්ට එවායින් හම්බකරගන්න දිලා එවා විනාශ කරපු එක.
සරත්චන්ද්‍ර ගුණරත්න මුල් වෙලා හදපු කඩොල් කැලේ පිට්ටනිය කලා දැම්මේත් ලංසා පවුල ..අද බලන්න කොටුව පිට්ටනියට ගිහින් තියෙන කලක් කිසිම නඩත්තුවක් නැ.
දෙවියො නැති මෝඩයො පිනුම් ගහනවා කියල කතාවක් තියෙනවා අද මිගමුවේ වෙන්නෙත් එක…
ඒක තමයි සහතික ඇත්ත..

පහත දැක්වෙන්නේ පළාත් පාලන ආයතන ගොඩනැගිලි සහ ඉඩම් බදු දිමේදි පිළිපැදිය යුතු කොන්දේසි මාලාවයි.