මහජන බදුමුදල් වැය කරමින් නියෝජ්‍ය නගරාධිපති කොළොන්නාවේදි පිරිසිදු කලේ ටෙලි නිළියක ගේ නිවසක්ද ?

0
65

dayan 6

මේ තියෙන්නේ නගර සභාවේ බුම් ට්‍රක් එක

නගරාධිපතිට හෝ නියෝජ්‍ය නගරාධිපතිට සිය පුද්ගලික ධනය වැය කරමින් කැමති ලෙසින් පින් දහම් කරගන්නට සහ හිත මිත්‍රාදින්ට සංග්‍රහ ඇප උපස්ථාන කරන්නට කිසිදු බාධාවක් නැත්තේමය.
එහෙත් එය ගැටළුවක් වන්නේ මහජන බදු මුදල් වැය කරමින් ඒවා කරන්නට යාමේදිය.
පසුගිය දිනක මීගමුව නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසා මීගමුව මහනගර සභාවේ බුම් ට්‍රක් එකත් කම්කරුවන්වත් රැගෙන ගොස් කොළොන්නාවේ එක්තරා නිවසක් පිරිසිදු කරන අයුරු ඔහුගේ මුහුණුපොතේ පළ කොට තිබුණි.
එය සියම් ලෙස නිරික්ෂණය කළ මීපුර වෙබ් අඩවියට ඉන් හෙළිවුයේ දායන් ලංසා විසින් මීගමුව මහනගර සභාවේ සම්පත් සිය පුද්ගලික වුමනාවන් වෙනුවෙන් යොදවාගෙන තිබුණ අයුරුයි.
මේ වන විට අප වෙත වාර්ථා වන්නේ දායන් ලංසා එසේ කොළොන්නාවේදි පිරිසිදු කර දි ඇත්තේ ඔහුගේ ටෙලි නිළි මිතුරියකගේ නිවසක් බවය.
නිළියන්ට කව්රුත් කැමැතිය. එය වෙනම කතාවකි.
එහෙත් ඒ වැඩ සදහා මහජන බදුමුදල් අැකැප බව මීගමුව නියෝජ්‍ය නගරාධිපතිවරයා නොදන්නේ ම් මීගමුව මහනගර සභාවේ කොමසාරිස්ධුර තැන්පත් නිතිඥ සුගත් කුමාර මහතා හෝ කියා  දිය යුතුව තිබේ.