මහජන බදු මුදල් අපතේ යවන මිගමු නගරාධිපතිගේ කම්කරු යෝජනාවට විපක්ෂයේ විරෝධය !

0
98

මීගමුව මහනගර සභාව තුල මෙතෙක නිහඩව සිටි විපක්ෂය දැන් මාස කිපයක සිට ක්‍රියාත්මන වන්නට පටන් ගෙන ඇත.

ඊයේ පැවැති මහසභා රැස්විමට මිගමුව නගරාධිපති දයාන් ලංසා විසින් ගෙන ආ ව්‍යාපෘති කම්කරුවන්නේ සේවා කාලය දිර්ඝ කිරිමේ යෝජනාවට නගරාධිපතිට මෙන්ම ඒවා සකස් කරන කොමසාරිස් ඇතුළු නිලධාරින්ටද කටඋත්තර නැතිවෙන්නම කරුණු ඉදිරිපත් කරන්නට නාගරික මන්ත්‍රිවරුන් කිපදෙනෙකුම මැදිහත්වි තිබුණි.

කලිසම් සපත්තු ඇද පාරවල්වල වැඩකරන්නට ගත් දයාන් ලංසාගේ කම්කරු නඩය

ඔවුන් පෙන්වා දි තිබුනේ මෙය එහෙම පිටින්ම මහජන බදු මුදල් අපතේ හරින ලංසා පවුලේ දේශාපලන අධාරකරුවන් නඩත්තු කිරිම සදහා වන යෝජනාවක් ලෙසය.
පාරවල් හදන ව්‍යාපෘති සදහා මේ කම්කරුවන් බදවා ගෙන තිබුනේ නම් ඔවුන් සේවයට පැමිණිය යුත්තේ ඒ කටයුත්තට සම්බන්ධවන ආකාරයකට වුවද මේ සේවකයන් ඉතා පැහැදිලි ලෙසින් කරන්නේ කම්කරුවන් සේ කටයුතු කිරිම වෙනුවට නගරාධිපතිවරයොගේ උනා එපාකම් පිරිමහසන ආකාරයේ කටයුතු බව දැන් මුළු මහනගර සභාව දනි.
පසුගිය කාලය තුල නිමල් ලංසාගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩිපුරටම සම්බන්ධවි එහි කටයුතු සිදුකර තිබුනේ ද මේ අයගෙන් පිරිසකි.

විපක්ෂයේ ජනතාවාදි මන්ත්‍රිවරුන්

මහජන බදු මුදල් රුපියල් ලක්ෂ 33 ක් පමණ මාසිකව අපතේ යවන මේ යෝජනාවට විරුද්ධය ඡන්දය දිමට විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් කටයුුතු කර තිබුණි.

රොයිස් විජිත,සංගීත් පෙරේරා ,සුමිත් ප්‍රනාන්දු,රෝෂාන්,නාමල් වේවැල්දෙණිය,චාමර ,කාංචනා,කැලිසන් ජයකොඩි , නිව්මන් ප්‍රනාන්දු සහ කපිල නන්දසුලෝචන,යන නාගරික මන්ත්‍රිවරුන් මෙසේ සිය විරෝධය පළකරමින් ඡන්දය දි තිබුණි.

මහජන මුදල් කාබසිනියා කරන නගරාධිපති දයාන් හා කරේ අතදාගත්ත එජාප නඩය

මේ අතර පසුගිය අයවැය නගරාධිපතිට සහය පළකළ මිගමුව එජාප සංවිධායක බෙන්ජමින්,මාක් සුජිත්,පියුමි විරසිංහ,සජිත් මෝගන්,නස්මියාර්,රවි ජිවානන්ද යන නාගරික මන්ත්‍රිවරුන් මහජන බදුමුදල් කාබාසිනියා කරන නගරාධිපතිගේ දේශපාලනට අත්වැල සපයමින් පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ

ලංකාවේ පීචන්ම එජාප සංවිධායකයා ?

තතු එසේව තිබියදි මිගමුව එජාප ආසන සංවිධායක බෙන්ජමින් ඔහු නියෝජනය කරන පක්ෂයටද නිගා දෙමින් නගරාධිපතිගේ මේ මිගමුවේ මහජන බදුමුදල් කාබාසිනියා කරන යෝජනාවට පක්ෂව අතඔසවා තිබුනේ නගරාධිපතිව උඩදමා ප්‍රසංශාවක් සිදුකරමින් බව වාර්තා වේ.මහජන බදුමුදල් විනාශ කරන නගර පාලනයක් වෙනුවෙන් ආවඩන ලංකාවේ එකම එජාප සංවිධායකවරයා සිටින්නේ මිගමුවේ විය යුතුය