මහජන බදු මුදල් කබාසිනියා කළ මිගමු නගර පාලනයට හුලං ගහන විපක්ෂ මන්ත්‍රිලා කව්ද ?

0
103

MC UNP team 1මීගමුවේ බදු ගෙවන ජනතාව අරඹයා වඩාත් තිරාණාත්මක වසර  මෙය යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද අප අද රටක් හැටියටත් ,නගරයක් හැටියටත් මුහුණ දි සිටින්නේ වෙන කවරදාකවත් මුහුණ නොදුන් දැවැන්ත අභියෝගයකටය.
මාර්තු මාසයේ ඇරඹි කොරෝනා රැල්ලට විසින් මිගමුවට ඇති කළ බලපෑමට වඩා තිරාණාත්මක තත්වයක් දැන් නිර්මාණය වි තිබේ.
මේ වන විට මිගමුව තුල හඳුනාගෙන ඇති මුලු ආසාදිතයන් ගණන 151 කි.මේ අය අතර එකම පවුලේ 5 දෙනෙකුද වෙයි
නිරෝධායන වෙමින් සිටින පවුල් ගණන සිය ගණනින් ඉහල යමින් තිබේ.

ආරම්භයේදි බ්‍රැන්ඩික්ස් සහ නෙස්ට් යන ආයතන කේන්ද්‍රකොට ගෙන ආසාදිතයන් හමුවි තිබුණද පසුගිය කාලය තුල වැඩිම බලපෑමක් එල්ල වි තිබුනේ පෑලියගොඩ මාළු වෙළඳ සැල හේතුවෙනි.

5 දෙනෙකුවත් හදුනා නොගත් පළමු රැල්ල සමය තුල පැවැති මැතිවරණ වකවානුවේදි මනාප තරඟය වෙනුවෙන් මිගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයා විසින් රු  කෝටි 7 කටත් වඩා වැඩි මුදලක් පැහැදිලිව වැය කොට තිබුණි.

සහන මළු බෙදුනේ මිගමුවට පමණක් නොවේ ,එපමණක් නොව ප්ලාස්ටික පුටුද මිගමුව පුරා බෙදා හැරුනි. අබලන් නොවු පාරවල් පවා යළිත් අලුතින්ම කොන්ක්‍රිට් කරමින් දැවැන්ත මුදලක් එක් අයෙකුගේ මනාප ගණන වැඩිකරවිම වෙනුවෙන් වැය කෙරුනි.
මේ හේතුව නිසාම මේ වන විට මිගමුව මහනගර සභාව දැවැන්න මුල්‍ය අර්බුදයකට මුහුණ දි සිටි.

සැබැවින්ම දෙවන කොරැල්ල හමුවේ සිය බදු ගෙවන ජනයා වෙනුවෙන් අවැසි පහසුකම් සලසා ලන්නට දැන් නගර සභාවට මුදල් නැත.
මෙවර අයවැය පැමිණෙන්නේ මෙවන් පසුබිමක් තුලය.
මේ නිසාම පිස්සන්ට හැතැම්ම නැති සේ ඡන්දයකට මුදල් වැය කරමින් අර්බුදයට යැවු නගර පාලකයන් ගැන නිසි පිළිතුරු දිමේ වගකිම මෙවර අවංක ජනතා නියෝජිතයන් වෙත පැවරි තිබේ.
පසුගිය මැතිවරණයේදි කොට්ටාශ 29 න් 19 ක්ම දිනා  පත්ව සිටින එජාප නාගරික මන්ත්‍රිලා සහ මන්ත්‍රිවරියන්ට මෙහිදි වැඩි වගකිමක් පැවරි තිබේ.
එහෙත් දැනටමත් වාර්ථා වන අන්දමට මේ මන්ත්‍රිවරුන් 19 දෙනාගෙන්  09 දෙනෙකුට ආසන්න පිරිසක් මහජන මුදල් අවභාවිතා කල වත්මන් නගර පාලනයට පක්ෂව  අයවැයේදි ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් ප්‍රසිද්ධියේ පවසා තිබේ.

මෙහි ඉදිරියෙන්ම සිටින අයෙකු වන්නේ හිටපු විපක්ෂ නායක රවි ජිවානන්දය. එමෙන්ම මාක් සුජිත් නැමැත්තාද වන බව වඩාත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.
අයවැය කෙටුම්පත පිළිබදව ඊයේ පැවැති රැස්විමට එජාප මන්ත්‍රිලා 12 දෙනෙකු සහභාගි සිට නැත.

එකි රැස්විමට සහභාගිවු හත්දෙනා වන්නේ මෙවර එජාපයෙන් මිගමුවෙන් පාර්ලිමේන්තු ඡන්දයට තරඟ වැදුන ගිහාන් බෙන්ජමින්,සජිත් මෝහාන්,පියුමි,මනෝජ්,මාක් සුජිත්,නස්මියාර්,රවි ජිවානන්ද යන අයවලුන්ය.
ඉහත පිරිසෙන් නගරාධිපතිවරයාට තරඟයට මෙන් කේලාම් කියන මන්ත්‍රිවරුන් පිරිසක් සිටින බවද වාර්ථාවේ

මේ ඇතමෙකු තමන්ට ඒමට නොහැකි බව පුද්ගලිකවම නගරාධිපතිවරයාට කියා රැ මිගෙල් දවල් දනියෙල් චරිතයට ඇද තිබුණි.
ඒවැනි චරිත 2 කක් දුන්ගාල්පිටියෙන් සහ ඒත්තුකාල ප්‍රදේශයෙන් වන බව විශ්වාස කටයුතු ලෙසින් දැනගැනිමට ඇත.

කෙසේ වෙතත් පාරකට ලයිට් දාගැනිම වෙනුවෙන් පාරක කොන්ත්‍රාත්තුවක් ගැනිම වෙනුවෙන් වැනි කාරණා අංක එකේ තබා මේ ජනතා ද්‍රෝහිව කටයුතු කරමින් මේ රටේ ඇති අන්ත දුෂිතම නගර පාලනය බේරාගැනිමට ලැජ්ජාවකින් තොරව කටයුුතු කරමින් සිටිති.
.මේ අයවැය ඇතැම් විට අවසන් අයවැයද විය හැක.පළාත්පාලන මැතිවරණයලබන වසරේදි බොහෝ විට කැදවෙනු ඇති බව දේශපාලන විචාරක මතය වි තිබේ.
ඒ දැනටමත් ජනප්‍රිය භාවය අතිශයෙන්ම පිරිහෙමින් ඇති මේ පාලනය කල් නොයවාම පළාත් පාලන මැතිවරණයට සුදානම් වෙනු ඇත.මීගමුවේ දුෂිත පාලකයන් රකින මේ ජනතා ද්‍රෝහි එජාප නාගරික මන්ත්‍රිවරුන් හට සිය කොට්ටාශවලට ගොස් ජනතාව ඉදිරියේ කිමට දෙයක් නැති වන බව නම් ඉතා පැහැදිලිය.