මහජන මන්ත්‍රණ සභාව අද කුරුණෑගලදි..

0
96

වයඹ පළාතේ ජනතා ප්‍රශ්ණ සංවාදයට බදුන් කෙරෙන මහජන සංවාදය අද ප.ව 2.30 ට කුරුණෑගල YMBA  හිදි ආරම්භ විමට නියමිතය.කෘෂි ක්ෂේත්‍රයේ ප්‍රධාන ප්‍රශ්ණයන් වන අලි මිනිස් ගැටුම,ඉරුදෙණියාය ඉඩම් කොල්ලය,සහ වයඹ පළාත් සභාව විසින් ගෙන ඒමට සුදානම් වන ජල ප්‍රඥාාප්තිය මෙහිදි සංවාදයට බදුන් කිරිමට නියමිතය.එමෙන්ම වයඹ පළාත් සභාව ජනතා විරෝධි ක්‍රියා පිළිබදව විමර්ශනයක්ද කලාපයේ අධ්‍යාපන අර්බුදය ගැන ද අද දිනයේ අවධානය යොමු කෙරෙනු ඇත.
විපක්ෂයේ විරෝධයේ පක්ෂ නියෝජනය කරමින් ගාමිණි ජයවික්‍රම මහතා, ආචාර්ය වික්‍රමබාහු කරණාරත්න සහ මනෝගනේෂන් යන මහත්වරුන් සහ නිදහසේ වේදිකාවේ සම කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු මේ ජනසංවාදයේදි අදහස් දැක්විම නියමිතය.