මහජන මුදල් ගසා කෑම් ගැන චෝදනා රැසක් ඇති මීගමු T.O ගේ හෙට දවසේ ඉරණම ???

0
130

ලංසා පවුල වෙනුවෙන් මහජන මුදල් ගසා කැම් වලදි ඊට කප් ගැසු නිල බට්ටන් අතර ඉදිරියෙන්ම හිටියේ  තාක්ෂණික නිලධාරියෙක්.

මිනිහ මිගමුව මහනගර  සභාවේ හිටියේ හරියට ලොඩ් පකිර් කෙනෙක් වගේ . ඉහල විභාග පාස්කරපු නිළධාරින් ඉස්සර මිනිහ හරියට ලොකු පොරක් වගේ වාර්ෂික සංවර්ධන සැලසුම් පවා ඉදිරිපත් කරපු හැටි දකිනකොටත් දැනෙනු හිරිකිතයක් අප්පිරියාවක් කියල ඒ නිළධාරින් අපිත් එක්ක කියල තියෙනවා.

අම්පාරෙන් ඇවිත් ගත්තු පඩියටත් වඩා සිය ගුණයක් සුපිරි ජිවිතයක් ගත කරපු සුපිරි ගෙවල් හදාගත්තු ගමේ යන්නත් පොදු වාහන යොදාගත්තු මේ අයගේ හෙට දවස කොයි වගේ වෙයිද කියල තමයි ඇත්ත යුක්තිය ගැන මහනගර සභාව අස්සේ කථාකරපු අය දැන් බලන් ඉන්නේ .

රත්තරන් මුදු දැම්මත් දැන් තටු ගැලවෙන් සින් එකක් තමයි තියෙන්නේ .කුම්බලා මාළු කෑවා නම් දුක් විඳපන් බළලෝ කියල මේ පැත්තේ කථාවක් තියෙනව .