මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද උදේ ඉදන් දන්සැල් පරික්ෂාවේ ….

0
67

SPHI nGBමීගමුවේ දැනට ලියාපදිංචි දන්සැල් ගණන 27 පමණ වන බව මීගමුවේ  මහජන සෞඛ්‍ය ප්‍රධානි සෝමසිරි මහතා පවසා සිටි.
අපි අද උදේ ඉදන්ම දන්සැල් පරික්ෂාවේ යෙදෙන්න තිරණය කළේ බොහොමයක් වැරදි සිද්ධ වෙන්නේ දන්සැල් වලට ලැස්තිවෙමින් ඉද්දි. හුඟක් තැන්වල පත්තර කොළ භාවිතය තාම නැවතිලා නෑ.මේ අන්තිම අහිතකරයි. අඩුම තරමින් කාලා අතපිහදාන වැඩේටවත් යොදා නොගත යුතුයි.
මෙසේ පවසන්නේ ජේෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක සෝමසිරි මහතාය.එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය විජේලත් මහතා පවසා සිටින්නේ මෙවර දන්සැල් දිමේදි සිසිල්බිම දන්සැල් පැවැත්විම හැකිතාක් අධෛර්ය කළ බවය.ඊට හේතුව ලෙසින් ඔහු පවසා සිටියේ මෙහිදි යොදාගැනෙන ජලය පිළිබදව පුර්ව පරික්ෂාවකට ඇති නොහැකියාව නිසා හැකිතාක් එවැනි දැ අවම කිරිමට උපදසේ දුන් බවයි.