මහදැනමුත්තාගේ නුවණ පරයන අපේ දැනමුත්තන්ගේ කානු සංවර්ධනය…

0
570

 

IMG-20201115-WA0049IMG-20201115-WA0048IMG-20201115-WA0045මීගමුව, සෙල්ලකන්ද පාර ,T හැඩයක් ගනිමින් ප්‍රධාන පාරක් වන දිවුලපිටිය පාරෙන් අවසන්වේ. මෙහි එක් පැත්තකින් කානුවක් සකසා ඇත. මෙය වැසි දිනවලදී මෙම ස්ථානයේ එකතු වන වැසි ජලය බැස්සවීම සඳහා කරවන ලද්දකි. මෙම ගංවතුර ප්‍රශ්ණය විසඳන ලෙස ප්‍රදේශ වාසීන් කාලයක් තිස්සේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ අතර මීටර් 50 ක් පමණ දිගුවන සේ සකසන ලද මෙම කානුව එම ඉල්ලීමේ ප්‍රතිඵලයයි. නමුත් කානුව නිසා ගංවතුර බැස යාමක් සිදුනොවන බව ප්‍රදේශවාසීන් පවසයි. මෙය කටාන ප්‍රාදේශීය සභාවෙන් කළ අනවශ්‍ය වියදමක් බවත් ඉන් අදාල ප්‍රශ්ණය විසඳුනේ නැති බවත් , ඔවුන් පවසයි. කානුවක් කපන්නේ නම් ඒ මගින් රැගෙන යන ජලය තැන්පත් වීම සඳහා ස්ථානයක් තිබිය යුතුය.නමුත් මෙහි එවැනි ස්ථානයක් දක්වා ගෙනයෑම වෙනුවට කෙ⁣ලින්ම දිවුලපිටිය පාර දක්වා ගෙනැවිත් අවසන් කර ඇත. දැන් වැසි දිනවලදී පෙර පරිදිම ගංවතුර ගලයි. පාර මැද එකතුවන ජලය ඉවත් කිරීමට හදිසියේම කානුවක් කැපුවා මිස ඉන් සිදුවන්නේ කුමක්ද? යන්න සළකා බැලීමක් කළේ නැත.
කටාන ප්‍රාදේශීය සභාවට අවශ්‍යවී ඇත්තේ කෙසේ හෝ මෙහි කානුවක් හැදීම පමණි. මෙවැනි පාලම් ,බෝක්කු අනවශ්‍ය කානු , ඉදිකිරීමට දේශපාලකයෝ අති දක්ෂය. දළුපත නාගරික මන්ත්‍රී සේපාල මොරවක විසින් මෙම ස්ථානයට සුළු දුරකින් ඇති ගල්කටුව පාරේ තනන ලද කානුව මෙවැනි තවත් එක් උදාහරණයකි. මේවා තමන්ට ලැබෙන යම්කිසි ලාභයක් අරමුණු කර ගනිමින් සිදුකරන ඒවා මිස ජනතාවගේ අවශ්‍යතාව මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘති නොවන බවට ජනතාව අතර සිදුවන කතාබහ අනුව පැහැදිළිවේ.
සැම්සන් ඥානසිරි

IMG-20201115-WA0044