( 11.00 am ) මීගමුව මහ නගර සභාවේ රුපියල් ලක්ෂ 35 කට ආසන්න මුදල් වටිනාකමක් සහිත විදුලි බුබුළු තොගයක් ලක්මන් නැමැති හිටපු දුෂිත කොමසාරිස්වරයාගේ පාලනය කාලය තුල මහනගර සභා ගබඩාවෙන් ඉවත් කරගෙන තිබුන ද එවා පාවිච්චියට යොදවා තිබුනේ කොයි ප්රදේශවලටද යන්න ගැන පැහැදිලි සටහන් නැත.
පසුගිය මැතිවරණ සමයේ සිදුව තුබුන මේ හොරකම ගැන අදාල අයට එරෙහිව පරික්ෂණ නැත.මේ හේතුව නිසා දඩුවම් මාරුවක් ලැබ සිටි අයෙකු නව කොමසාරිස්වරිය විසින් යළිත් මහනගර සභාවට ගෙන්වා ගෙන ඇතැයිද සැලය.
විදුලි බුබුළු භාරව සිටි නිලධාරිනයට එරෙහිව පරික්ෂණ අනිවාර්යෙන්ම සිදුවිය යුතුව තිබෙන බව නගර සභා සේවකයෝ පවා කියා සිටිති.
දයාන් ලංසා විසින් මේ විදුලි බුබුළු පසුගිය ජනපතිවරණ සමයේදි ගම්පහ දිස්ත්රික්කයේ වෙනත් ප්රදේශයවලට යවා ඇතැයිද පැවැසේ.
මේ වංචාව ගැන කඩිනම් පරික්ෂණ සිදු කිරිමට නව කොමසාරිස්වරිය පියවර ගන්නා තෙක් බොහෝ දෙනා බලා සිටිති.