මහනගර සභා ලේකම්වරියට දේශපාලන අධිකාරිය තගදාලා

0
57

MC-2-e1530758211220පසුගියදා මිගමුව මහනගර සභාවේ රැස්විමක ආරම්භය පිළිබදව මතුවු ගැටළුවකදි සභාවේ ලේකම්වරියට දේශපාලන අධිකාරියට සම්බන්ධ කිපදෙනෙකු නොසරුප් වචනයෙන් බැන වැදි  ඇතැයි වාර්ථාවේ.
මිට පෙරද මෙම ලේකම්වරියටම එවකට නියෝජ්‍ය නගරාධිපතිව සිටි දායන් ලංසා කුණුහරුපයෙන් බැන වැදිම නිසා රුධිර පීඩනය වැඩිවි රෝහල්ගතකරන මට්ටමකට තත්වය දරුණු විය.
කෙසේ වෙතත් මිගමුව මහනගර සභාවේ පරිපාලන අධිකාරියේ ඇතමුන් දේශපාලන අධිකාරියේ අන්තේවාසිකයන් බවට පත්ව ඇති නිසා තමන්ගේ ඉහල අයෙකුට දේශපාලකයෙකු පාට්දැමුවද නිහඩය. එහෙත් වෙනත් බදුගෙවන අයෙකු පාට් එකක් දැම්මේ නම් පමණක් සිංහයා මාක්ය.