මහමොළකරුවන් හංගන රජයට එරෙහිව ඉතාලියේ විරෝධතා

0
73

කතෝලික සභාව විසින් කළු හර්තාල් දිනයක් ප්‍රකාශයට පත්කරමින් වත්මන් රජයට අභියෝග කරසිටින්නේ පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් කව්දැයි වහා රටට හෙළිකරන ලෙසය.
එමෙන්ම දැනට මෙරට ජනයා පිඩාවට පත්කරමින් පැතිරන වසංගත තත්වය හමුවේ රජයේ අසාර්ථක වැඩපිළිවලට ගැන කතෝලික සභාව දැඩි අවධානයක් යොමුකර තිබේ.
එ අනුව මේ සියළු දේ මුල් කොට ගෙන අගෝස්තු 21 වනදා කළු කොඩි උසවා රට පුරා විරෝධතා දක්වන්නට කටයුතු කරමින් සිටි.
මේ අතර මෙම විරෝධතාවය මේ වන විට ජාත්‍යන්තරයට පැතිර යමින් තිබේ.ඒ් අනුව ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ට අගෝස්තු 21 වනදා රෝමයේ වතකානුව දේවස්ථානය ඉදිරිපිටට පැමිණෙන ලෙස ගරු නෙවිල් ජෝ පියතුමා විසින් දන්ව තිබේ.