මහමොළකරු කව්ද ? කාර්දිනල්තුමෙනි ලංසාගෙන් අහන්න !

0
194

රටේ දේශපාලන කරලිය දැන් උණුසුම් වෙමින් තිබේ. මේ ඇතැම් ඒවා ඉතා පැහැදිලි ලෙසින්ම මාධ්‍ය සංදර්ශණයන්ය. පිටපත් රචකයාට අනුව කෙරෙන රගපෑම්ය.
කෙසේ වෙතත් ඒ් අස්සේ ජනතාවට ඇවැසි ඇතැම් ඇත්ත ඉගියන්ද මේවා හරහා හෙළිවෙමින් තිබේ.
මිගමුවේ ජනයාට තිබුන එක් ප්‍රධාන ප්‍රශ්ණයක් වුයේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු කව්දැයි දැනගැනිමටය.
රාජපක්ෂ පාලනය බලයට ගෙන එමට ඉවහල් වු මේ ප්‍රහාරයේ සැබැ සැලැසුම් කරුවන් ගැන රාජ්‍ය ඇමති නිමල් ලංසාද ටක්කෙටම දන්නවා ඇතැයි සිතෙන්නේ පසුගියදා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන විසින් කරන්නට යෙදුන ප්‍රකාශයක්ද සමගින්ය.
රාජපක්ෂලා ලංසව ඇමතිකමින් ඉවත් නොකරන ප්‍රධානම හේතුව වන්නේ ඔහු සියල්ල දන්න නිසා යැයි මෛත්‍රි මාධ්‍ය හමුවේ කියා සිටියේය
පාස්කු ප්‍රහාරය ගැන එදා කිඹුල් කදුළු හෙළු රාජ්‍ය ඇමති නිමල් ලංසා දැන් මික් කියන්නේ නැත්තේද ඒ නිසාම විය යුතුය.
කාර්දිනල් තුමෙනි, ලංසා අනිවාර්යෙන්ම මහමොළකරුව දන්නව ? අහන්න එයාගෙන් …… .