මහරජතුමෙනි අපිට පාටියක් තියන්ඩත් නිදහසක් නැද්ද ??

0
87

මේ සටහන තැබෙන මොහොතේ මීගමුවේ කුරණ ලැගුන් විව් හෝටලේ පාටියක් පැවත්වෙනවා. ඒකට සහභාගී වෙන පිරිස අුතර විදේශිකයන්ද ඉන්නවා. ඒ අය ආසියාතික සම්මේලනයකට සභභාගි වෙච්ච අය. ආසියාවේ ු අතුරැදහන් විම්  සම්බන්ධයෙන්  වැඩ කරන අය මානව හිමිකම් ක්‍රියාධරයෝ .අද ඒ සම්මේලනයේ අවසන් දවස සමුගැනිමේ සාදයක් පැවැත්වුණා.

මේ හමුවට 1989 අතුරැදහන් වුවුන්ගේ අම්මල කිපදෙනෙකුත් ඇවිති හිටියා.ඒ අයව ගිහින් ඇරලවන්න යනකොට පාර පුරා පොලිසිය. අම්මලවත් ඒයාලව ගිහින් දාන්න ගිය වාහන වල යතුරු සහ ජංගම දුරකථන එහෙමත් අරගත්ත.මේ එක්කෙනෙක්ගේ  ලැප්ටොප් එකත් පොලිස් භාරයට ගැනුනා.

අපි මේ ගැන පොලිසියෙන් අහපුවාහ එයාල කිව්වේ මේක ඉහලින් ආපු නියෝගයක් ඒ නිසා පාටිය හැරිල යන ඔක්කොම අපට පරික්ෂා කරන්න වෙනවා කියල.

මේකෙ හොදම කථාව තමයි මෙතන හිටපු කෙනෙක් පාරට ගියා කොළඹ ඉදන් වාහනයක එන තමන්ගේ පුතාම පාටියට අරගන්න.  ඒ දරුවා ආවේ ඉස්කෝලේ උත්සවයක ඉදල අවුරුදු 7යි . ඉතින් එයාගේ තාත්තට මේ දරුවව ගේන්න යන්න පොලිසිය වාහනය නිදහස් කලේ නෑ.අන්තිමට ඒ දරුවව අරගෙන ආවෙත් පොලිස් ජිප් එකෙන්.

පාටියට ආපු සමරහක් අම්මල ගෙදර යන්න හදන කොට එයාලව පොලිිසියෙන් නැවැත්තුවා . ඒ අයව අත්අඩංගුවට ගත්න ඕන කිව්වා.

වාහන වල යතුරැ ගත්තා. පොන් ගත්තා.හේතුවක් නැ. හැබැයි පාටිය යන අතර තුරේ මීගමුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි ඩන්ස්ටන් කියන කෙනත් මේ  හෝටලේ පැත්තක  කට්ටියක් එක්ක උන්න.ඒ වගේම ඇමති නිමල් ලංසාගේ හිතවතුන් පිරිසකුත් හිටියා

කොහොම හරි පාටිය අතර මග නව්තවන්න වුණා.

දැන් අපි අහන්නේ අපට පාටියක් වත් පවත්වන්න බැරිද මහරජ

මේ සියළු මෙහෙයුම් ක්‍රියාත්මක වුනේ මීගමුව පොලිසියේ සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ .

වැඩි විස්තර පසුවට….