ඔහු විසින් චිත්‍රාල් ප්‍රනාන්දුට එරෙහිව ගෙනගිය එදිරිවාදිකමේ ප්රතිපළයක් ලෙස නාත්තන්ඩිය ආසනයේ එජාප ක්‍රියාකාරිකයෙකු වු පී.එන්. ගුණවර්ධන මහතාව වෙන්නප්පුව ආසන සංවිධායක ලෙස තාවකාලිකව පත්කරමින් ඔහුගෙන් හොදහැටි වැඩ ගත්තේය. ඒ අතර චිත්‍රාල් ප්‍රනාන්දුගේ ලෙකම්වරයාව මුදලට ගෙන ඔහුව පී.එන්. ගුණවර්ධන ලගට තල්ලුකරන ලදී. ගුණවර්ධන මහතාට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමටද උනන්දු කරවිමින් පසුගිය මාස කීපයේ ආසනයේ සංවිධාන වැඩකටයුතු කරවාගෙන තිබේ. එමෙන්ම නිරෝෂන්ගේ කීමට අනුව නීතිඥ පී.එන්. ගුණවර්ධන මහතාද නාමයෝජනා ලබාගැනීමට අපේක්ෂාවෙන් වැඩකළ අතර ඔහු විසින් මේ වනවිට ලක්ෂ 40ක පමණ මුදලක්ද ප්රචාරක වැඩ සදහා වියදම් කර ඇති බවත් වාර්තා වේ. සිය පුද්ගලික මුදල් වැයකර ප්රචාරක පත්‍රිකා , සහ පොත් වැනි දෑ මුද්‍රණය කර ඇති බවත් වාර්තා වන අතර මේ වනවිට දැනගන්නට ලැබී ඇත්තේ පී.එන් ගුණවර්ධන මහතාට නාමයෝජනා ලැබී නොමැති බවයි.
මෙය ද නිරෝෂන් පෙරේරාගේ සැලැස්මක් වන අතර ගුණවර්ධනගෙන් ගතයුතු සියලු බර වැඩ අරගෙන දැන් ඔහුට කොන්ඩම් න්‍යායෙන් පිළිතුරු දී තිබේ..
මේ වන විට නාත්තන්ඩිය ප්‍රදේශයේ පී.එන්.ගුණවර්ධන මහතාගේ ආධාරකරුවන් ද නිරෝෂන් පෙරේරාගේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් දැඩි විරෝධයක් මතුකර ඇති අතර ඔහුව පරාජය කිරීමට පෙළගැසී සිටින බවද වාර්තා වේ.
මේ අතර පාක්ෂිකයෙකු සමග කර ඇති දුරකථන සංවාදයකදී නිරෝෂන් පෙරේරා විසින් පවසා ඇත්තේ ” මට වෙන්නප්පුවේ ඡන්ද වලින් වැඩක් නෑ මට තාත්තගේ ඡන්ද ඇති යනුවෙනි.
මෙවැනි වූ දේශපාලන පවුල් බූදල්කාරයින්ගෙන් වෙන්නප්පුව ආසනය බේරාගැනීමේ සටනකට මේ වනවිට නිරෝෂන් පෙරේරාගේ කතුරට අසුවූ එජාප ක්‍රියාකාරීන් මේ දිනවල නිරතව සිටිති.
ෆයස් ප්‍රනාන්දු