මහින්දගේ මැයි රැළිය ගැන කථාකරගන්න දායන් ලංසාත් අද රැස්විමක් කැදවලා ?

0
36

dayan lansa newඅප මීට අවස්ථා කිපයකදිම හෙළිදරව් කර ඇති පරිද මීගමුව නියොජ්‍ය නගරාධිපති දායන් ලංසා මහතා මේ දිනවල සිය එකම මෙහෙයුම කොට ගෙන ඇත්තේ මීගමුව තුල මහින්ද පිළේ ඔටුන්න කෙසේ හෝ තමන්ගේ අතට ගැනිමටය.
ඒ ඔටුන්නේ දැන් හිමිකරුවන් වන්නේ පළාත් සභා මන්ත්‍රි එම් සකාවුල්ලා නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන ඇතුළු පිරිසකි.
මේපසුබිම යටතේ අද දින සවස් වරුවේ ශ්‍රිලනිප ක්‍රියාකාරින් මීගමුව මහනගර සභා රැස්විම් ශාලාවට කැදවමින් දායන් ලංසා බලාපොරොත්තු වන්නේ ඔබ යන්නේ කිරුළුපනද නැතිනම් ගාල්ලටදැයි විමසාලන්නටය.
බහුතරයක් කියන්නේ කිරුළුපන නම් පෙරළුන පිට හොදා යැයි කියමින් මීගමුවේ ශ්‍රිලනිප ක්‍රියාකාරින් කියන නිසා තමන්ද ඒ අයගේ පැත්ත ගත්තා යැයි කියමින් දැනටමත් මිස් වි ඇති මහින්දගේ කෝච්චියේ එල්ලිම මෙහි ඇත්ත අරමුණ බව මහින්ද පිළේ පාර්ශවය විසින් කියා සිටි.