මහින්දගේ රැස්විමේ ලොකු මන්ත්‍රිලාට බුෆේ ? පුංචි මන්ත්‍රිලාට බත්පාර්සලයත් නැතිවෙයි ?

0
113

lunch packමීගමුව රැනෝවෙල් හෝටලයේ අද පැවැති මහින්ද පිළේ රැස්විමට පැමිණ සිටි පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින් සදහා දිවා ආහාරය බුෆේ ක්‍රමයටත් පුංචි මන්ත්‍රිලා සදහා බත්පාර්සල් ලබාදිමටත් ඇති සැලැස්ම ගැනත් ඒ පිළිබදව ඇතමුන්ගේ මතුව තිබුන කළකිරිමත් ගැන අප ඊයේ හෙළිදරව් කලෙමු.
අප කි දෙය සනාථ වි ඇත්තේ තත්වය තවත් බරපතල කරවමිනි.එනම් රැස්විමට පැමිණ සිටි බහුතරයක් පළාත් පාලන මන්ත්‍රිවරුන් සදහා අඩුම තරමින් බත්පාර්සලයක්වත් නොලැබිම නිසා ඒ අයට කුසගින්නේම මේ සුපිරි හෝටලයෙන් පිටව යන්නට සිදුව තිබේ.
මෛත්‍රිට එරෙහිව සුභ අනාගතයක් හදන්නට පොරකමින් සිටි පුංචි මන්ත්‍රිලා බත් පාර්සල් දෙක තුන බැගින් පොරකා ගෙන ගොස් තිබුණ නිසාවෙන් බහුතරයක් පුංචි මන්ත්‍රිලා අද කුසගින්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here