මහින්දගේ වෙන්නප්පු ගෝලයා සුසන්තගේ මුස්ලිම් විරෝධය සහ එජාප පුත්තලම් දේශපාලකයෝ

0
82

IMG-20190624-WA0022මහින්ද රාජපක්ෂගේ වෙන්නප්පු ගෝලයා වන සුසන්ත අද රටම කථාබහකරන තරමට පිළිකුලට ලක්ව ඇති මුස්ලිම් විරෝධියෙකි.
බෝම්බ පිපුරුනේ මීගමුවේ වුවද කලදුටකළ වහ ඉහ ගන්නට නලියමින් සිටි වෙන්නප්පුව වෙළද සංගමය වෙන්නප්පුවේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් කඩ 10 ක් සහ ලි මෝලක් සති ගාණක් වසා දැමිමට නියෝග  දි තිබුණි.
ඒ මහින්ද ගෝලයා වන වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත නැමැති බාර් හිමියාගේ පුර්ණ ආශිර්වාදය යටතේය.
මිගමුවේ කිසිදු මුස්ලිම් කඩයක් වසා දැමිමට මිගමු ව්‍යාපාරිකයෝ කටයුතු නොකර තිබියදි සුසන්තලාගේ වෙළද අන්තවාදින් නඩය ඒ අයුරින් මුස්ලිම් විරෝධය දියත් කර තිබුණි.
දැන් තවත් අඩව්වකි.
එනම් දංකොටුව පොළේ මුස්ලිම් වෙළදුන්ට වෙළදාම් කිරිමට ඉඩ නොදිය යුතුය කියා පොලිසියට කියමින් ලියුම් ගසා තිබිමය.
සුසන්තලා මෙසේ පිස්සු කෙළිද්දි එක්සත් යන නමද තවමත් තබාගෙන ඇති එජාපයේ පුත්තලම් දේශපාලකයන් ඉතාමත් නිර්ලඡ්ජිත ලෙසින් මුනිවත රකිති.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රබල ගෝලබාලයෙකු වු නියෝජ්‍ය ඇමති නිරෝෂන් මර නින්දේය.රුපවාහිනිය අස්සේ දේශපාලනය ශද්දෙට කරන තවත් අවස්ථාවාදි පුත්තලම් දේශපාලකයන්ද මීක් ගාන්නේ නැත.පොදුවේ ගත්කළ දැන් එක්සත් යන කෑල්ල දැන් එජාපයෙන් අයින්කරගතයුතු තැනට පුත්තලම් දිස්ත්‍රික්කයේත් පොදුවේ රටේත් වැඩකටයුතු සිදුවෙමින් තිබේ.පොදුවේ ගත් කළ පසුගිය කාලය තුල පුත්තලම් දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනයාගේ අයිතිවාසිකම් තබා ජිවත්විමේ අයිතියවත් ආරක්ෂා කර දිමට මේ එජාප දේශපාලකයන් කටයුතු කර තිබුනේ නැත.