මහින්දගේ සිල්රෙද්දට පොලිසියෙන් සීල් ! (ඡායාරූප )

0
67

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතමින් අද අඵයම කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයේදී පැවැති කිරිඅම්මාවරුන්ගේ දානයකදී ඊට සහභාගී වූ කිරි අම්මාවරුන් වෙත සිල්රෙදි බෙදාදීමේ උත්සාහයක් පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ මැදිහත්වීමෙන් වළක්වා ඇති බව වාර්තා වෙයි.

කිරිඅම්මාවරුන් තුන්සිය දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැති මෙම කිරිදානය සදහා මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රැකව ජිනරතන හිමියන් , බෞද්ධාලෝක පිරිවෙන් විහාරාධිපති ගන්නෑවේ ධම්මරතන ඇතුඵ භික්ෂූන් වහන්සේ කිහිපනමක්, ව්‍යාපාරිකයින් සහ මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී තිබේ.

මෙම දානයෙන් අනතුරුව ඊට සහභාගී වූ කිරි අම්මාවරුන් වෙත සිල්රෙදී බෙදාදීමේ සූදානමක් ඇති බවට කුරුණෑගල පොලිස් මැතිවරණ ඒකකය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් අද අඵයම බෞද්ධාලෝක පිරිවෙන් විහාරස්ථානයට පැමිණ තිබේ. එහිදී කිරිඅම්මාවරුන් වෙත බෙදාදීමට සූදානම් කර තිබූ බව කියන සිල් රෙදි තොගයක් විශේෂ කාර්ය බලකායේ නිරීක්ෂණයට ලක් වී ඇති අතර දානය සංවිධානය කළ පිරිස් විසින් ඒවා කිරිඅම්මාවරුන්ට පිරිනැමීමට නියමිත’ පිරිකර’ ලෙස හදුන්වා දී ඇති බවද වයඹ ටුඩේ වෙත වාර්තා වෙයි.

කෙසේවෙතත් මේ අවස්ථාවේදී අපේක්ෂකයෙකු විසින් ඡන්ද දායකයෙකු වෙත කරනු ලබන ඕනෑම ප්‍රදානයක් මැතිවරණ අල්ලසක් ලෙස සැලකිය හැකිවන බැවින් එම සිල්රෙදිබෙදා හැරීමකින් තොරව දානයේ කටයුතු සිදුකරන ‍ලෙසට විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් එය සංවිධානය කර පිරිස වෙත දැනුම් දී තිබේ.

අදාළ කිරිඅම්මාවරුන්ගේ දානයේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

( ඡායාරූප – ෆේස්බුක්  වෙබ් අඩවි‍යෙනි. )

Home

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here