මහින්දට…. මිල්රෝයි බෑ කියයි…!

0
52

Milroy 2වසර 20 ක ශ්‍රිලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව පරාජයට පත් වුනත් අපේ ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන්ට ආණ්ඩු පෙරළියකින් හා මැතිවරණ පරාජයකින් පසුව විඳින්න වෙන හිරිහැර හා අසාධාරණකම් නොමැතිව ඔළුව කෙළින් තියාගෙන ඉන්න පුලුවන් තත්වයක් ඇති කෙරුවේ අපේ වර්තමාන ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ආත්මාර්ථකාමි බලයට කෑදර පිරිසකට අමතක වි ඇති බව වෙන්නප්පුව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු සමාජ සුභා සාධන ජේ‍යෂ්ඨ අමාත්‍ය මිල් රොයි ප්‍රනාන්දු මහතා පවසයි. වෙන්නප්පුව ආසනයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
අපේ පක්ෂය පුද්ගලයෝ මත රැඳුනු පක්ෂයක් නෙමෙයි ප්‍රතිපත්ති මත ශක්තිමත් වුන පක්ෂයක් එත් පක්ෂයේ නායකත්වයට පත් වුනු පුද්ගලයන් තමන්ගේ ප්‍රතිපත්ති පක්ෂයේ ප්‍රතිපත්ති ලෙස පාක්ෂිකයන් මත බලයෙන් ඇති කිරිම නිසා අද පක්ෂය විනාශ වීමේ තැනකට බලය අහිමි වුන ආත්මාර්ථකාමින් පිරිසක් ගෙන යන බවක් පේනවා.
අපි පක්ෂයක් ලෙස මේ තත්වයට අතිතයෙත් මුහුණ දුන්නා පක්ෂයේ කෑලි කඩන් කී දෙනෙක් ගියදා එත් අවසානේට වුනේ කෑලි කඩන් ගිය අය අයෙත් පක්ෂයට සම්බන්ධවෙලා තනතුරු ගද්දි ඒ පස්සේ වැටුණු හාල් කෑලි අතරමං වුන එක විතරයි, පක්ෂයේ නායකත්වයට මොන පුද්ගලයා පත් වුනත් මම ඒ පක්ෂය සමග ඉන්නවා පසුගිය වසරේ ජනවාරි 8 වෙනිදා අපේ පක්ෂයේ හිටපු නායක මහින්ද මහත්තයා පරාජයට පත් වෙලා බලයට පත් වුනු මෛත්‍රිපාල මහත්තයාට පක්ෂයේ නායකත්වය දුන්නා එදා ඉඳලා මම ඒ පක්ෂයේ නායකයට ගරු කරනවා ඒ නායකත්වය පිළි ගන්නවා මොකද මහින්ද මහත්තයම තමා පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරලා පක්ෂයේ ඔනෑම කෙනෙක් රටේ නායකයා වෙනවා නම් එයා පක්ෂයේත් නායකයා වෙන්න ඔනේ කියලා නීති වෙනස් කලේ අපි පක්ෂයේ අනුගමීකයන් නම් එදා ඒ පක්ෂයේ නීතිය පිළිගත්තා නම් ඇයි අද ඒක පිළි ගන්න බැරි , අපේ පක්ෂය වසර 20 ක ආණ්ඩු බලයෙන් පසු පරාජයට පත්වෙලා මේ තරමින් හෝ ශක්තිමත්ව ඉන්නේ මෛත්‍රිපාල මහත්තයා පක්ෂයේ නායකයා වෙලා රටේ ජනාධිපති වෙලා ඉන්න නිසයි අපිට ආණ්ඩු බලය තියෙන කාලේ තිබුණ මැතිවරණවලින් පසුව ගමේ සිටි විරුද්ධ පාක්ෂිකයන්ට අපේ අය කොයි තරම් හිරිහැර කලාද රස්සා කීයකින් දොට්ට දැම්මද එත් මෛත්‍රිපාල මහත්තයා නිසා අපේ පාක්ෂිකයන්ට ශක්තිමත් වෙලා ඉන්න පුලුවන් වීම ගැන අමතක කරලා දුෂණයට හොරකමට මිනි මැරුම් වලට සම්බන්ධ වෙලා හිටපු පිරිසකගේ උවමනා එපාකම් වලට අද ගුණ මකුවන් වෙලා ඉක්මනින් බලය ගන්න අපේ පක්ෂය කඩාගෙන පටු අරමුණු වෙනුවෙන් වැඩ කරන පිරිසක් ඉන්නවා මේ අයගේ ගමන තාවකාලිකයි.
එළඹෙන පළාත් පාලන ජන්දයට තරඟ කරන්න හොඳ කණ්ඩායමක් අපිට ඉන්නවා ඒ පිරිස පක්ෂයේ මැරයන් දුෂිතයන් නිසා ඈත් වෙලා හිටියත් පක්ෂයට හොඳ නායකත්වයක් ලැබිලා තියෙන නිසා ඒ පිරිස අයෙත් පක්ෂය වටා ගොනු වෙනවා අපි කියන්නේ යන්න ඔනේ අය යන්න ඔය කවුරු ගියත් පක්ෂය නැත් වෙන්නේ නැ ,හැබැයි ඒ පිරිසට එකක් කියන්න ඔනේ රැට මහින්දව හමුවෙලා දවල්ට මෛත්‍රිපාල හමුවෙන ඩබල් ගේම් නතර කරන්න මෛත්‍රිපාල හමුවෙලා තනතුරු අරන් මහින්ද වටේ යන අය ඔය කරන ලැජ්ජා නැති වැඩේ නතර කරලා ඒ තනතුරුත් අතහැරලා පුලුවන්නම් යන්න, වෙන්නප්පුවේ වගේම පුත්තලම් දිස්ත්‍රික්කයෙත් ශ්‍රිලංකා නිදහස් පක්ෂය ශක්තිමත් හොරු මැරයෝ පක්ෂයෙන් යන්න උත්සහ කරද්දි පක්ෂයෙන් ඈත් වෙලා හිටපු බුද්ධිමත් පාක්ෂිකයන් ශ්‍රිලංකා නිදහස් පක්ෂය වටා ඒකරාශි වෙනවා ඒනිසා ඒ පාක්ෂිකයන් ශක්තිමත් කරන්න අපි හැමදාම මේ පක්ෂයේ රැඳිලා ඉන්නවා.
හෙට 07 මහින්ද මහත්තයා එනවලු පුත්තලමේ මිනිස්සු හමු වෙන්න මට අරාධනයක් අවා එත් මම යන්නේ නැ මොකද මට පක්ෂ කඩාගෙන යන්න උවමනාවක් නැ දුෂණ චෝදනාවලට වංචා චෝදනාවලට බයේ ඒ වලින් ගැලවෙන්න මිනිස්සු පලිහක් ලෙස යොදා ගන්න පාක්ෂිකයන්ව මුලා කරලා ඒ චෝදනාවලින් ගැලවෙන්න වෙනත් පක්ෂ හදන බවට කරන සකච්ජා වලට යන්න මගේ සුදානමක් නැ තමුන් නැවැරදි නම් ඒවට බය නැතුව මුණ දෙන්න ඔනේ නීතිය රජ කරන සමාජයක් ඉල්ලුවේ බහුතරයක් බුද්ධිමත් ශ්‍රිලංකා නිදහස් පාක්ෂිකයන් ඔය රැවටීම් වලට හසු වෙන්නේ නැ
චන්දන ප්‍රනාන්දු