මහින්දව ගෙන්විම ගැන කටාන ඒකාබද්ධ විපක්ෂයේ අර්බුදයක් ?

0
50

MRපළාත් සභා මන්ත්‍රි රජිත හපුආරච්චිගේ රුව රැගත් පොස්ටරයක්  මේදිනවල කටානේ සහ අවට ප්‍රදේශ වල ඇලවි ඇත.
ඒ ඔහුගේ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේද රූපයක් සහිතවය.
ඡන්ම දිනයක් ගැනද ඉන් කියැවේ .
පසුගිය කාලයේ පන්දමෙන් ඡන්දය ඉල්ලා පළාත් සභා මන්ත්‍රිවරයෙකු වු රජිත හපුආරච්චි ජනපතිවරණයේදි මහින්ද රාජපක්ෂගේ පිළට කරණමක් ගසා තිබුණි.
ඔහු ජන්ම දිනය වෙනුෙවන් මහින්ද රාජපපක්ෂ මහතා කටානට පැමිණිමට නියමිත බව මේ දිනවල ඔහු විසින් ප්‍රචාරය කරමින් සිටි.
මෙයට එරෙහිව කටානේ   මහින්ද පිළේ පළාත් සභා මන්ත්‍රිවරුන් තිදෙනෙකු දැනටමත් යුද්ධය ප්‍රකාශ කොට තිබේ.
එනම් ලලන්ත,හරිස්චන්ද්‍ර සහ රාජිත යන අයවලුන් විසිනි.
ඔවුන් කියා සිටින්නේ   මහින්ද රාජපක්ෂ ඇත්තටම පැමිනෙන්නේ කටානේ පන්සලකට බවය. ඒ සරත් එන් සිල්වා විසින් කරන්නට යෙදි ඇති ඇරයුමක් හේතුවෙන් බවය.
එහෙත් රජිත හපුආරච්චි මන්ත්‍රිවරයා එය තමන්ගේ ජන්ම දිනය හා ඇදාගෙන දැන් දේශපාලන වාසියක් ගැනිමට සැරසෙන බවය.