මහින්ද කියන එජාපෙන් පනින ලොක්කා කව්ද ?

0
185

mahinda-rajapaksa-lanka-truthසිතාගැනීමටත් අපහසු මට්ටමේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයකු නුදුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීම සඳහා එක්වනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේන ලංකා නිව්ස් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ ඊයේ දිනේය මහින්ද රාජපක්ෂ (24) මල්වතු – අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැකීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී මේ ප්‍රකාශය කර ඇති බවය.

වසන්ත සේනානායක මහතා දැනටමත් බාගෙට පැති මාරුකර ඇති බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා එජාප නායකයාට සමීපතම ප්‍රබලයෙකුත් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ නුදුරේදීම එක්වීමට සූදානමින් සිටින බව ඔහු එහිදි අවධාරණය කොට තිබේ.